ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බිරියට වෙනස්කම් කළාට පුතා මවගේ දතක් කඩලා

පුතකු සිය මවගේ කටට අත මිට මොළවා කරනු ලැබූ පහරදීමකින් ඇගේ උඩු ඇන්දේ ඉදිරිපස එක දතක් කැඩී ගොස් තිබීමේ සිද්ධියක් මාතර නගරයෙන් වාර්තා වෙයි. මැයි මස 27 වැනිදා මේ සම්බන්ධයෙන් මාතර පොලිසිය විසින් සැකකාර පුතා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මාතර නගරයට ආසන්නයේ පදිංචි තුවාල ලැබූ මව, සිද්ධිය වූ දින සිය සැමියා සහ බෑනා විසින් පවත්වාගෙන යනු ලබන සපත්තු සෑදීමේ ව්‍යාපාරය පිහිටි මාතර නගරයේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇත.

එහිදී සැකකාර
පුතා "මොකද අම්මේ මගේ බිරියට වෙනස්කම් කරන්නේ" කියා අසා එම ස්ථානයේදී මවට පහරක් ගසා ඇත. පසුව ඇය පොලිසියට යද්දී ඇය පිටුපසින් පැමිණි සැකකරු අතරමඟදී මෙසේ පහරදුන් බවට පොලිසියට පැමිණිලි කොට ඇත.
මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Posted in:

0 comments for "බිරියට වෙනස්කම් කළාට පුතා මවගේ දතක් කඩලා"

Leave a reply