ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රජිව් ඝාන්ධි ඝාතනය - කේ.පීට එරෙහිව පෙත්සමක්

ඉන්දීය හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ගෙන් ද ප්‍රශ්න කළ යුතු බවට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලූ චෙන්නායි අධිකරණය ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙසට ඉන්දීය රජයට නියෝග කර තිබේ.

ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යංශයේ නිලධාරියෙකු අදාළ පෙත්සම ගොනු කර තිබුණි.

එම පෙත්සමෙන් ඔහු
පෙන්වාදී තිබුණේ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසන් වුවද මෙම ඝාතනයට සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වුණු බවයි.

විශේෂයෙන් ගාන්ධි ඝාතනයට සිංගප්පූරුවෙන් එවකට බෝම්බ සැපයුවේ ශ්‍රී ලංකා රජයේ අත්අඩංගු‍වේ සිටින කේ.පී. බවත් ඔහුට එරෙහිව මේ ගැන කිසිදු පරීක්ෂණයක් නොකර ඇති බවත් එම පෙත්සමෙන් සඳහන් කර ඇත.

මේ ගැන විමර්ශනයක් කරන ලෙස අදාළ නිලධාරියා පසුගිය මැයි මස 03 වැනිදා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නැති බවද හෙතෙම සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීමෙන් පසුව මේ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙසට චෙන්නායි අධිකරණය ඉන්දීය රජයට නියෝග කර ඇත.

Posted in:

0 comments for "රජිව් ඝාන්ධි ඝාතනය - කේ.පීට එරෙහිව පෙත්සමක්"

Leave a reply