ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

වෙල් විදානේ සහ අවුල් විදානේ..!

 අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පසුගිය කාලයේ ආරවුලක් ඇති විය. දෙදෙනා එකිනෙකාට පහර දී ගත්තෙන් ජනතාවට දෙදෙනාගේම කිල්ලෝට වල ඇති හුණු මොනවාදැයි දැන ගැනීමට හැකිවිය. එක් ප්‍රහාරයකදී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රහාරයක් එල්ල කරමින් කීවේ ‘ෆීල්ඩ් මාර්ෂල්‘ කියන්නේ ‘වෙල් විදානේ‘ කම බවයි. පසුව සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට ගන්න සාකච්ඡා යද්දී ඔහු ආණ්ඩුවට එන්නේ නම් තමන් ආණ්ඩුවෙන් යනවා යයිද විජයදාස රාජපක්ෂ මහතා කීවේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් අර්බුදය විසඳා සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට ආවේය. විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ගියේද නැත. සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහු සහ විජයදාස රාජපක්ෂ මහතා සිටින අපූරු සේයාරුවක් ඩේලිමිරර් විසින් තම කැමරා කාචයේ මෙසේ සටහන් කර තිබිණ. අප එයට වෙනත් මාතෘකාවක් දුන්නේය. ඒ නම් ‘වෙල් විදානේ සහ අවුල් විදානේ‘ යනුවෙනි.

Posted in:

0 comments for "වෙල් විදානේ සහ අවුල් විදානේ..!"

Leave a reply