ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජඩපාලන මාධ්‍ය ප්‍රකාශක බේරුවල රාජිත ට සහ ඔහුගේ ලේඛම් ට නඩු

ඇමැතිධුරය සහ ලේකම් තනතුර අවභාවිත කරමින් රජයේ දේපොළ ලාභ ලබන පෞද්ගලික ආයතනවලට පරිහරණය කිරීමට ඉඩදීම සම්බන්ධව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව නඩු පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. 04-පිටුවට

අදාළ නීතිමය කටයුතු මේ වනවිට නීතිඥවරුන් වෙත පවරා ඇතැයි ද ඒ අනුව ඉදිරි සතිය වන විට ඇමැතිවරයා සහ ලේකම්වරයා අධිකරණය හමුවට ගෙන ඒමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බව ද එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා zදිවයිනZට ප්‍රකාශ කළේය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ සිසුන්ට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන ඇති තීරණය වෛද්‍ය සභාවට පටහැනි බව ද වෛද්‍ය හේරත් මහතා පැවසීය.

වෛද්‍ය සභාවේ නිර්දේශ නොසලකා හරිමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා හිතුමතේට කටයුතු කරන බව ද පෞද්ගලික ආයතනයකට රජයේ රෝහල් භාවිත කිරීමට ඉඩදීම සඳහා ඇමැතිවරයා තීරණය කර ඇත්තේ කැබිනට්‌ අනුමැතියකින් තොරව බවද වෛද්‍ය හේරත් මහතා සඳහන් කළේය.

මේ ආකාරයට ඉදිරියේදී පෞද්ගලික හෙද විදුහල් සිසුනට රජයේ රෝහල් තුළ පුහුණුවීම් ලබාදීමට තීරණය කළ හැකි බව ද පෙන්වා දුන් වෛද්‍ය හේරත් මහතා පෞද්ගලික ටියුෂන් ගුරුවරුන් පවා ඉදිරියේදී සිය සිසුනට රජයේ පාසල්වල විද්‍යාගාර භාවිතයට අවස්‌ථාව ඉල්ලා සිටිය හැකි යෑයි ද කීවේය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා අත්තනෝමතික තීරණවලට එළැඹෙමින් තම බලතල අවභාවිතයේ යොදවන බව ද කී වෛද්‍ය හේරත් මහතා මෙය වැරදි පූර්වාදර්ශයක්‌ විය හැකි බවද කීවේය.

Posted in:

0 comments for "ජඩපාලන මාධ්‍ය ප්‍රකාශක බේරුවල රාජිත ට සහ ඔහුගේ ලේඛම් ට නඩු"

Leave a reply