‘දිවා ගුහාව’ සැබෑ දිවා ගුහාව නොවන බව පෙන්වීමට ඇතැම් පුවත්පත් ප්‍රවෘත්ති පළකරන්නේ මුදල්වලට යටවීමෙන්
ශ්‍රී පාද අඩවියෙන් සොයාගත් මෙම ස්ථානය දිවා ගුහාව බව තමන්වහන්සේ ස්ථීරවම කියා සිටින්නේ කරුණු කාරණා ඇතිව බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ලෙන භගවාලෙන බවත් උන්වහන්සේ එතැන දිවාහරණය කළ බැවින් දිවාගුහාව ලෙස හඳුන්වා ඇතිබවත් ධම්මදින්න හිමියෝ පවසති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඔවුන්ගේ පර්යේෂණවල සාර්ථකත්වය මත මෙම කාර්යය සිදුකරගෙන යන බවත් අන්‍යාගමික කුමන්ත්‍රණවලට යටවී එය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රවෘත්ති ඇතැම් පුවත්පත්වල පළ කිරීම පිළිකුලින් හෙළාදකින බවත් ධම්මදින්න නාහිමියෝ වැඩි දුරටත් කියා සිටිති.
Posted in:
sri lanka gossip news

0 comments for " ‘දිවා ගුහාව’ සැබෑ දිවා ගුහාව නොවන බව පෙන්වීමට ඇතැම් පුවත්පත් ප්‍රවෘත්ති පළකරන්නේ මුදල්වලට යටවීමෙන්"
Leave a reply