ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රොෂාන් ඇතුළත ප‍්‍රශ්න පිටතට ගෙන එමින් තමන්ට මඩ ගසන්නට තැත් කරනවා - චතුරිකා පීරිස්



චතුරිකාද දැන් කියන්නේ මෙහිදී රොෂාන් ඇතුළත ප‍්‍රශ්න පිටතට ගෙන එමින් තමන්ට මඩ ගසන්නට තැත් කර ඇති බවකි. චතුරිකාද ගයාන් හා සම්බන්ධයක් නැතැයි  ඇය පවසයි.

ලක්බිම ජාතික පුවත්පත අමතමින් චතුරිකාද සිය අදහස් පළකර තිබුනේ මෙසේය.


ඔබ සහ රොෂාන් පිලපිටිය අතර පේ‍්‍රම සම්බන්ධය කලා ක්ෂේත‍්‍රයේ පමණක් නොවෙයි, මුළු රටේම පාහේ ජනතාව අතරේ ප‍්‍රසිද්ධ කාරණයක්. නමුත් ඒ සම්බන්ධය බිඳී ගොස් ඇති බවට දැන් තොරතුරු පැතිර යනවා. ඒ ආරංචිය ඇත්තක්ද?

ඔව්, ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රොෂාන් අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙන විදිහේ තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් නිසා නම් නෙමෙයි.


එහෙනම් ඇත්තටම සිදුවුණේ මොකක්ද?

රොෂාන්ගෙයි මගෙයි සම්බන්ධය ඇතිවෙලා දැන් අවුරුදු 9ක් වෙනවා. අපි විවාහ ගිවිසගෙන දැන් අවුරුදු 7ක කාලයක් ගතවෙලා. ඒ අතරතුරේ නොයෙක් නොගැළපීම් නිසා විවිධ අවස්ථාවලදී අපේ සම්බන්ධය ඇතිවෙලා නැතිවෙලා තියෙනවා. දුරින් හිටපු අය නොදන්නවා වුණත් කලා ක්ෂේත‍්‍රයේ ළගින් හිටපු ගොඩක් අය අපි වෙන්වුණ බව දන්නවා. දැන් මම ඉන්නේ මගේ දෙමවුපියන්ගේ ගෙදරයි. මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 11ක් වෙනවා. රොෂාන් ඇවිල්ලා අවුරුදු 22ක් විතර වෙනවා. ඉතින් ක්ෂේත‍්‍රයේ අය හොඳට අඳුරනව මම කවුද රොෂාන් කවුද කියලා. මේ විදියට වෙන්වුණු එක ගැන ක්ෂේත‍්‍රයේ අයත්, ළ`ගම හිතවතුනුත් මට ආශිර්වාද කරනවා. නමුත් මේ කාරණා හරියට නොදැන, පිට සමාජයේ අය මේ ගැන මට විවිධ දේවල් කියනවා ඇති. ඒත් ඇතුළේ ප‍්‍රශ්න තියාගෙන බොරුවට පිටට පේන්න විතරක් පවුල් කන්න මට බැහැ.

එතකොට ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලක සහ ඔබ අතර සම්බන්ධයක් නිසා ඔබේත් රොෂාන්ගේත් සම්බන්ධය බිඳවැටුණා කියලා රොෂාන් කියන කතාව බොරුවක්ද?

ඔව්. මේ සිද්ධිය ගැන රොෂාන් අන්තර්ජාලයේ අදහස් පළකරලා තිබුණට පස්සේ මම ඒ තුන්වැනි පාර්ශ්වයට දුරකථනයෙන් කතා කරලා ඇහුවා ඔයගොල්ලන්ගේ පවුල් ජීවිතය බිඳවැටෙනවා නම් එහෙම වෙන්නේ මම නිසාද කියලා. එතකොට ඔහු කිව්වා මම නිසා නෙමෙයි ඒ දෙන්නා අතරේ තිබුණු විවිධ ප‍්‍රශ්න නිසයි එහෙම වෙලා තියෙන්නේ කියලා.
අපේ සංස්කෘතියට අනුව කතාවක් තියනවනේ ගෙයි ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ගෙට ගන්න එපා’ කියලා. මම නම් හැමදාම මගේ ප‍්‍රශ්න ගෙදර බිත්ති හතර ඇතුළෙමයි තියාගත්තේ. රොෂාන් ගැන කියනවා නම් මට කියන්න තුන්වැනි පාර්ශ්වයන්  ඕනෑතරම් තිබුණා. ඒත් මම ඒවා මගේ වාසියකට අරගෙන මාධ්‍යයට කියලා අනුකම්පාවක්, කරුණාවක් ලබාගන්න කවදාවත් උත්සාහ කළේ නැහැ. ඒ වගේම මම ඉදිරියටත් ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

නමුත් රොෂාන්ගේ ප‍්‍රකාශය නිසා ජනතාව අතරට ගියේ වෙනස්ම කතාවක්?

ඔව්. මීට කලිනුත් කිහිප වතාවක්ම අපේ සම්බන්ධය බිඳුණු අවස්ථාවල අපේ මවුපියෝ මැදිහත් වෙලා තමයි ඒ ප‍්‍රශ්න නිරාකරණය කෙරුවේ. පසුගිය පෙබරවාරි මාසෙදීත් ඒ වගේ සිද්ධියක් ඇතිවුණා. එතකොටත් ඒ ප‍්‍රශ්නෙට ඔය තුන්වැනි පාර්ශ්වයක නමක් ගෑවිලාවත් තිබුණේ නැහැ.
ක්ෂේත‍්‍රයේ තියෙන දැන හැඳුනුම්කම්වලට අනුව ඔහුත් මමත් මිත‍්‍රයන් පමණයි.
මම ර`ගපාන චරිත සහ වටපිටාවත් එක්ක මට චෝදනා එල්ල කරන්න තියෙන අවස්ථා ඉතා අඩුයි. එනිසා මට සුළු හෝ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් අවස්ථාවක් බලාගෙනයි රොෂාන් ඉඳලා තියෙන්නේ. ඔහුත් එක්ක ගතකරපු අවුරුදු හතක කාලයේදී අන්තිමට මට ඉතිරි වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි. මට හිතාගන්න බැරි එක එස්.එම්.එස්. පණිවුඩයකින් මම මේ තරම් සමීපව ඇසුරු කරපු කෙනා මේ විදියට වෙනස් වුණේ කොහොම කියලයි.

ඔබ දෙදෙනාම එක් එක් මාධ්‍යයන් හරහා තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳ මේ විදියට අදහස් ප‍්‍රකාශ කරද්දී පේ‍්‍රක්ෂකයන්, එය මොන විදියට බාරගනියිද? මේ පැතිර යන ආරංචි ඔබ දෙදෙනාටම කැළලක් බව සිතෙන්නේ නැද්ද?

කාලයත් එක්ක මේ හැම දෙයක්ම විසඳේවි. තමුන් කරපු දේවල්වල, පව්වල පළවිපාක විඳවන්න වෙන්නේ තමුන්ටමයි. රොෂාන් කරපු කර්මයක් තියෙනවා නම් එයාට විඳවන්න වෙයි. මම කරපු දෙයක් තියෙනවා නම් ඒකේ විපාක මට ලැබේවි. රොෂාන් කියලා තියෙනවා එයා මෛත‍්‍රී කරනවා කියලා. නමුත් ඒක බොරුවක්. එයා එහෙම කරනවා නම් මං ගැන මේවගේ බොරු කතා අන්තර්ජාලයේ පතුරවන්නේ නැහැනේ.
ඒ වගේම එයා කියලා තියෙනවා එයා මට ගරු කරනවා කියලා. ඔව්. එයාගේ ගෞරවය මට හිමිවෙන්න  ඕන ඇති. ඉදිරියේදී මාත් එක්ක වැඩ කරන්න කැමතියි කියලත් එයා කියලා තියෙනවා. ඒත් මම නම් එයත් එක්ක ආයේ එකට වැඩ කරනවද කියන කාරණය දෙපාරක් හිතලා බලනවා. කිසිම ප‍්‍රශ්නයක් ඇති නොවෙන්න, මේ සිද්ධිය එයා ලස්සනට හැන්ඞ්ල්  කළා කියලා තිබුණට ඇත්තටම අපිට අනවශ්‍ය විදියට ආවේගශීලී වෙන්න නොදී මාව ඒ අය ළ`ගට ගන්න තීරණය ගත්තේ මගේ දෙමව්පියෝ. කොහොම වුණත් මං ගැන මේ විදිහේ මඩ ප‍්‍රචාර ගෙන ගියා කියලා මගේ හිතේ නම් කිසිම තරහවක්, වෛරයක් නැහැ.

පුවත්පත් ලිපිය -කිෂාන් කනංකෙ





Posted in: , ,

0 comments for "රොෂාන් ඇතුළත ප‍්‍රශ්න පිටතට ගෙන එමින් තමන්ට මඩ ගසන්නට තැත් කරනවා - චතුරිකා පීරිස්"

Leave a reply