ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කොල්ලූපිටියේ නයි නල`ගන හෙවත් නිරෝෂා විමලරත්න නයා වඳුරා සහ පෙම්වතා ගැන පළකල අදහස්


මේ දිනවල කථාබහට ලක්ව සිටින කොල්ලූපිටියේ නයි නල`ගන හෙවත් නිරෝෂා විමලරත්න දැන් තමාට අයත් නයා යළි ලබාගෙන සතුටින් සිටින බව වාර්තා වනවා.
ඇය තම නාගයාට සත්තු වත්තේ අය සැලකූ ආකාරය ගැන කණගාටු වන අතර
තමාගේ වඳුරා සහ පෙම්වතා ගැනද අද ලක්බිම පුවත්පතට අදහස් පළකරමින් කියා තිබෙනවා.
නයි පැටියාට සතුන් වත්තේදී කුකුල් පැටව් පවා කෑමට දුන් බව කීවත් සිය නයි පැටියා කුකුළු පැටියෙක් ආහාරයට ගැනීමට හැකි තරම් විශාල නොවන බව ඇය කියනවා. නයි පැටියාට සතුන්වත්තේදී බලහත්කාරයෙන් කැවීමට යාම නිසා ඇති වූ තුවාල දක්නට ලැබෙන නිසා එහිදී තම සුරතලා හොඳින් කාලය ගත කළා යැයි තමා නොසිතන බවද ඇය කියනවා.

‘නයි පැටියාගේ ඔළුවේ නියපොතු පාරක් තිබුණා. හොම්බත් පොඞ්ඩක් තුවාල වෙලා. බලහත්කාරයෙන් කවන්න පොවන්න හදන විට වුණු තුවාල වෙන්න ඇති.” මට නයි පැටවා හමුවූ පිළිමතලාවේ දොඩම්වල දේවාලයට යාමට පොලීසිය අවස්ථාව නොදෙන නිසා නයි පැටවා නැවතත් එයාගේ අම්මා ගාවට යවන්න අමාරු වෙලා තියනවා.
මේ නයි පැටවාගේ මව කොළඹ ගෙනත් මට විශ්වාසවන්ත කෙනෙක් ළ`ග තැබුවා. මට ඇයත් විශේෂයි. ආරක්ෂාවට තියපු කෙනත් විශේෂයි. කොහේ ගෙනිහින් දැම්මත් මේ දෙදෙනා මාව හොයාගෙන එනවා.’
නිරෝෂාගේ මව ඉන්දියානු ජාතික කාන්තාවකි. ඇය ඉන්දියාවේ නාසික් ප‍්‍රදේශයේ ජීවත්වන අතර පියා ඉරාන ජාතිකයෙකි. ඇය පවසන ආකාරයට ඇගේ මව සතුවද විෂ විදින උග‍්‍ර විෂ සහිත නාගයෙක් සිටියි. ඇය ලංකාවට ගෙනවිත් භාරදී ඇත්තේ පිළිමතලාව ප‍්‍රදේශයේ පදිංචි විමලරත්න නම් තැනැත්තෙකුටය.
ඇයට මෙම නාගයාගේ මව මුලින්ම හමුවී ඇත්තේ පොලීසියෙන් ඇයට ඇතුල්වීමට ඉඩ නොදෙනවා යැයි කියන දේවාලයේදීය. මව් නැයින විසින් ඇයට හිමිකර දුන් නාගයාගේ විෂදළ ගලවා ඇත්තේ ඇගෙන් නයා වෙන් කළ අවස්ථාවත් ඇයට නයා නැවත භාර දෙන අවස්ථාවත් අතරතුරදීය.
 ඕනෑම නාගයෙකුගේ විෂ දළ අයින් කළ විට මාස තුනක් ඉක්ම යන්නට මත්තෙන් නැවත විෂ දළ එන බවද ඇය පවසයි. නයින්ට මෙන්ම වඳුරන්ට රිළවුන්ටද ආදරය දක්වන නිරෝෂා මේ වන විට ඉරාන ජාතික තරුණයෙක් හා විවාහ වීමේ අපේක්ෂාවෙන් ඇසුරු කරන බව වාර්තා වනවා. ඇගේ පෙම්වතා නයා දුටු විට පැන දුවන බවත් ඔහුට සතුන් සමග සිටීමට අනාගතයේදී පුරුදු විය යුතුව ඇති බවත් ඇය පවසා තිබෙනවා.





Posted in: ,

0 comments for "කොල්ලූපිටියේ නයි නල`ගන හෙවත් නිරෝෂා විමලරත්න නයා වඳුරා සහ පෙම්වතා ගැන පළකල අදහස්"

Leave a reply