ප්‍රේත දිෂ්ඨිය එලවන්න ඇවිත් ආතුරයාත් ලේලියත් දූෂණය කරලා
කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ නිවසකට පැමිණි යකැදුරකු ප්‍රේත දිෂ්ටියක් නිසා රෝගී වී සිටින 60 හැවිරිදි කාන්තාවක් සුවපත් කිරීමට 60 හැවිරිදි එම කතද ඇයගේ 30 හැවිරිදි ලේලියද නිරුවත් කර ලිංගික අතවරයක් කර ඇයගේ පුතාටද පහරදී ඇති අතර මෙම සැකකරු 15 වනදා සවස ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියේ සැකකරු වන නිකවැරටිය රස්‌නායකපුර පදිංචි යකදුරාවද ඔහුට නිවාස පහසුකම් සැපයූ අඹු සැමි යුවළද 15 වනදා රාත්‍රි උතුරු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම 60 හැවිරිදි කාන්තාවගේ ප්‍රේත දිෂ්ටිය ඉවත් කිරීම සඳහා පොල්ගෙඩි 100 ක්‌ද, තැඹිලි ගෙඩි 100 ක්‌ද දෙහි ගෙඩි 100 ක්‌ද ලබාගෙන රහස් කාමරයක පුද පූජා පවත්වමින් වරින් වර නැන්දනිය හා ලේලිය එම කාමරයට රැගෙන ගොස් සම්පූර්ණයෙන් නිරුවත් කර මෙසේ ලිංගික අතවර කර ඇතැයි පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම 60 හැවිරිදි කාන්තාවටද ඇයගේ ලේලියට හා පුතාට යකදුරු විසින් පහරදීම නිසා තුවාල සිදුවී ඇතැයිද එම තිදෙනා 16 වනදා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
යකදුරු විසින් මෙම තිදෙනාගෙන් රුපියල් එක් ලක්‍ෂ අසූ හතර දහසක මුදලක් ලබාගෙන ඇති අතර පූජා භාණ්‌ඩවලටද ලක්‍ෂයක පමණ මුදලක් වැයකර ඇතැයි පොලිසිය පවසයි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පිට කළුතර උතුර පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග මහතා සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන අතර සැකකාර යකදුරු හා ඔහුට නවාතැන් පහසුකම් සැපයූ අඹුසැමි යුවළද 16 වනදා කළුතර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණි.

0 comments for "ප්‍රේත දිෂ්ඨිය එලවන්න ඇවිත් ආතුරයාත් ලේලියත් දූෂණය කරලා"
Leave a reply