ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගෙදර එක්ක තරහාවී ඇවිදගිය සිසුවියට රියදුරු අතවර කරලා උපත් පාලන පෙති දෙකකුත් අරන් දීලා


තම දෙමාපියන් හා අමනාපවී හිස හැරුණ අතේ යන්නට ගිය අටේ පන්තියේ සිසුවියක වෑන් රථ රියදුරෙකුගෙන් අතවරයට ලක්වීමේ සිද්ධියක් කළුතරින් වාර්තා වනවා. වාද්දුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය තමන්ගේ විලාසිතා අවශ්‍යතා සඳහා දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා කරදර කර තිබෙන බවත් ඔවුන් එය ඉටු නොකිරීම නිසා මින් දින කිහිපයකට පෙර ‘මං යනව යන්න’ කියා නිවසින් තරහාවී පැන ගොස්
තිබුණ බවත් හෙළි වුණා. ඒ ආකාරයට තරහාවී මින් පෙර කිහිප අවස්ථාවකදීම ඇය නිවසින් ගොස් නැවත පැමිණ තිබෙන නිසා නිවසේ අය සිතා ඇත්තේ ඇය යාළුවෙකුගේ ගෙදර ගොස් නැවත එනු ඇති බවය. නමුත් දිනක් ගතවීත් ඇය ගැන තොරතුරක් නොවුණෙන් සිසුවියගේ දෙමාපියන් පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබුණා.

මේ අතරවාරයේ මාතර ප‍්‍රදේශයේ ඇවිදිමින් සිටින සැකකටයුතු පාසල් යන වයසේ තරුණියක ගැන හෝඩුවාවක් පොලිසියට ලැබී ඇති අතර ඇයව නවතාගෙන ප‍්‍රශ්න කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
ඇය පැවසූ තොරතුරු අනුව දින දෙකක් තිස්සේ ඇය විඳි හිරිහැරය අනාවරණය වුණා. ගෙදර අය සමග කෝපවීමෙන් අනතුරුව වාද්දුව නිවසින් පිටත්වී කළුතර නගරයේ ඇය සැරිසරමින් සිටි බවත් නගරයේ ඇය තනිව සිටිනු දැක එක්තරා වෑන් රථයක රියදුරෙකු ඇගේ දුක විමසූ බවත් ඇය කියා සිටියා. අනතුරුව ඔහු තමාගේ ප‍්‍රශ්න අසන්නට නිස්කලංක තැනකට යමු කියා නගරයේ හෝටලයකට රැුගෙන ගිය බවත් අනාවරණය වුණා. එදින රාත‍්‍රියේ තමාට එහි නවාතැන්ගන්නටද ඔහු ඇරයුම් කළ බව කියන තරුණිය එදා ඔහු තමාට අතවර කළ බව කියා සිටියා. රැුය පුරා හඬමින් සිටි තමාට ගැබ්ගැනීමක් ඇති වේයයි බියක් හටගත් අවස්ථාවේ විසඳුමක් ලෙස පසුදා උදෑසන රියදුරා කියා ඇත්තේ ‘මේවට දැන් බෙහෙත් තියනව..ඔයාට මං බෙහෙතක් අරන් දෙන්නම්..’ ලෙසය.
ඔහු ඇයව පාමසියකට රැුගෙන ගොස් උපත්පාලන පෙති කිහිපයක් ලබාදී ඇති අතර එදින රාත‍්‍රියේත් ඔහු සමග යහන් ගතවන්නට ආරාධනා කර තිබෙනවා.එය ප‍්‍රතික්ෂේප කර ඇති සිසුවිය තමාට මාතර යාළුවෙකුගේ ගෙදර යන්නට  ඕනෑ බව කියා බස් රථයට දමන ලෙස කියා තිබෙනවා. අනතුරුව රියදුරා ඈව මාතර යන බසයකට නංවා තිබෙනවා.
මාතර මිතුරියගේ නිවසේ ඇය නොසිටි බැවින් ඇය කර කියාගතහැකි දෙයක් නැතිව පාර පුරා ඉබාගාතේ ඇවිද ඇත්තේ ඉන් පසුවය.
නිවසේ අය සමග උරණවී සිටි නිසා මේ ප‍්‍රශ්නය කියන්නට උවමනාවක් නොතිබූ බවත් පොලිසිය තමා ප‍්‍රශ්න කළේ නැතිනම් කුමක් කරන්නද යයි කල්පණාවක් නොවූ බවත් ඇය කියා තිබුණා.
ඇයව හසුකරගත් පසු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු යෙදුවා.ඇගේ දෙමාපියන් ගෙන්වා තරයේ අවවාද කරන්නටත් පොලිසිය පියවර ගත් අතර දෙමාපියන් වශයෙන් දරුවන් ගැන මීට වඩා සැලකිල්ලෙන් සිටය යුතු බවද දැන්වුවා.

Posted in:

0 comments for "ගෙදර එක්ක තරහාවී ඇවිදගිය සිසුවියට රියදුරු අතවර කරලා උපත් පාලන පෙති දෙකකුත් අරන් දීලා"

Leave a reply