ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බෙන්තොට පෙරහැරක් බලන්නට ගිය ගීතා කුමාරසිංහ වේදිකාවකින් බිමට පැන්න සිද්ධිය බොරුවක්ලු


බෙන්තොට ප‍්‍රදේශයේ පෙරහැරක් බලන්නට ගිය සිනමා නිළි ගීතා කුමාරසිංහ ලෝක විනාශය යයි සිතා ඇලවුණ වේදිකාවකින් බිමට පැන්න බවට පුවතක් පසුගියදා වාර්තාවී තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරන ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ එවැනි කිසිම සිද්ධියක් නොවූ බවත් මේ පුවත මුළුමණින්ම නිර්මාණය කරන ලද්දක් බවත්ය.
එය මාධ්‍ය වෙත පතුරා ඇත්තේ තමන් එම පෙරහැර සංවිධානය කරනවාට අකැමැත්තෙන් පසුවූ තරහා කාරයින් පිරිසක් බවද ඇය පවසනවා.
ඇය ඒ ගැන කියා සිටියේ පහත පරිදිය.

‘සම්පූර්ණ බොරුවක් මේක..27 වෙනිදා මේ පෙරහැර සංවිධානය කළේ මමත් ප‍්‍රාදේශීය සභා සභාපතිතුමාත් ඇතුළු තව පස්දෙනෙක්. විශේෂ අමුත්තො පාරෙ තිබුණ වේදිකාවකට එන්න කිසිම තැනක සැලසුමක් තිබුනෙත් නෑ. මං උත්සවේ ඉවරවෙල පාරට නම් ආවා.එතැන අපේ මිනිස්සු ඉන්න නිසා. හැබැයි වේදිකාවෙ හිටියෙ පත්තරවල කට්ටිය.
ආරාධිත අමුත්තො ? දහය විතර වෙනකොට ගියා. මහ ඇමතිතුමාට එතැනට එන්න කිසිම උවමනාවක් තිබුනෙත් නෑ.අනික තුන්දෙනෙකුට වැඩිය එතැනට අමුත්තො ගෙන්නන්න බෑ..තැන්පත් කරන්න තිබ්බෙ කරඬු තුනක් නිසා.
1977න්පස්සෙ කරපු හොඳම පෙරහැර මේක කියල තමා මිනිස්සු කියන්නෙ.
එහෙම වේදිකාවක් කැඩුනයි කියල පට්ටපල් බොරුවක් කොහොමද හදන්නෙ මං අහන්නෙ.....
එතැන විසිදාහකට වැඩිය සෙනග හිටියා.ඒ හැමෝම දන්නවනෙ.එහෙම කඩා වැටීමක් තියා හෙලවීමක්වත් වෙලා නෑ...........පට්ටපල් අමූලික බොරුවක්..........
ඉස්සලේලම අපි ආරාධනා කළා නාමල් රාජපක්ෂ මහත්තයට එයා එන්න කැමති වෙලත් ඉඳල එයාට නුවර යන්න වුණා.
එදා මුළු ලංකාවටම හතට විතර වැස්සා. පෙරහැර පටන්ගන්න කොට සම්පූර්ණයෙන්ම පෑව්වා.
එතැනින් පස්සෙ හාස්කමක් වගේ පෙරහැර ඉවර වෙනකම්ම වැස්සෙ නෑ.
හැබැයි එක ඇත්තක් තියනව  ඕකෙ..ඉස්සරහ අර හාමුදුරුවො හිටිය වේදිකාව ටිකක් පහතින් වගේ තිබ්බෙ. ඒකම නිසා තමයි කවුරුවත් ඔය වේදිකාවට නැග්ගෙ නැත්තෙ.
මං ඒ ගැන ඇහුව කවුද මේ වේදිකාව හැදුවෙ..කවුරුත් මේකෙ නැති හින්ද හොඳයි කියල.එච්චරයි..වේදිකා දෙකක් තිබ්බ.එකක් හාමුදුරුවන්ට අනෙක ආපු පිරිසට.
එතැන ප‍්‍රභූන්ට කියල වේදිකාවක් තිබ්බෙ නෑ.
මේක මඩ ගහන්න ගොතපු කථාවක් කියල පේනවනෙ.
අර මම ප‍්‍රධානත්වය අරන්  ඕක කරාට තරහ කට්ටියක් ඉන්නව ඔතැන.
77න් පස්සෙ කරපු හොඳම පෙරහැර වුණාට තරහ කට්ටියකුත් ඉන්නව.මේක මගෙ අතින් ලක්ෂයක් දාල..වෙන අයගෙන් සල්ලි හොයල දීල කරේ. ඒ තරහ කට්ටිය තමයි මේක ගෙතුවේ.
සමහරු ඉන්නවනේ  ඕවයින් ජීවත්වෙන්න බලාගෙන ඉන්න කට්ටියක්.’

Posted in: ,

0 comments for "බෙන්තොට පෙරහැරක් බලන්නට ගිය ගීතා කුමාරසිංහ වේදිකාවකින් බිමට පැන්න සිද්ධිය බොරුවක්ලු"

Leave a reply