වෛද්‍ය ශිෂ්‍යා නිර්භීතා බඳින්න හිටියේ ලබන පෙබරවාරියේලූ

ඉන්දියාවම කළඹවමින් පිරිසක් එක්ව බසයකදී දෂණයට ලක්කර සතිදෙකකින් පසුව මියගිය 23 හැවිරිදි පරිපූරක වෛද්‍ය ශිෂ්‍යාවගේ විවාහය ලබන පෙබරවාරියේ සිදු කිරීමට කටයුතු යොදා තිබූ බව දැන් අනාවරණය වනවා.
තම පෙම්වතා සමග චිත‍්‍රපටයක් බලන්නට ගොස් ඔහු සමග තම නිවසට යන්නට නවදිල්ලියේදී බස් රථයකට නැගගත් ඇයට බස් රථයේ අසුන්ගෙන ටික වේලාවකින් එහි අමුත්තක් සිදුවන බව තේරුම් ගියා. බස් රථය නියමිත මාර්ගයේ නොයා වෙනත් පැත්තකට හරවා තිබෙන අතර ඉතිරිව සිටි මගීන් කිහිප දෙනා සමග දොරවල් වසා තිබෙනවා.
එහි ඉතිරිව ඇති පුද්ගලයන් සමග බසයේ සහායක හා රියදුරු මේ ¥ෂණය සිදු කළ අයවලූන්ය. ඔවුන් දොරවල් වැසුවේ ඇයිදැයි සැක ඇතිවූ තරුණිය හා ඇගේ පෙම්වතා වට පිට බලද්දී එක්වරම පෙම්වතාට යකඩ පොල්ලකින් එක් අයෙකු ගසා ඇති අතර
තරුණිය බස් රථයේ පිටුපසට ගෙනගොස් පැය හතරක් පමණ තිස්සේ
හය දෙනෙකුගෙන් යුත් පිරිස විසින් අමානුෂික ලෙස ¥ෂණයට ලක්කර තිබුණා.
මෙම අවස්ථාවේ තරුණිය ඔවුන් හා සටන් කරන නිසා ඇයව පාලනය කිරීමට බස් රථය තුල තිබු එල් හැඩයේ යකඩ වීල් ජැක් එකකින් ඇගේ සිරුරේ අවයව වලට ඔවුන් හානිකිරීම නිසා ඇගේ වකුගඩු හා මොළයේ ස්ථාන ගණනාවකට දැඩි ලෙස හානි වුණා.
මේ සියලූ හිරිහැරවලින් පසු පැය 4 කින් පමණ ඇයත් පෙම්වතාත් නව දිල්ලි නගරයේ මහමග විසි කර දමා ගිය පසු පසුදා උදෑසන අවට සිටියවුන්ට හමුවුණා.
රෝහල් ගත කළ ඇයට ඉන්දියාවේදී සැත්කම් තුනක් පමණ සිදු කළ පසුව ඇයගේ ඥාතීන් ඇයව සිංගප්පුරුවේ රැුගෙන ගොස් මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් කරන ලද නමුත් දැඩි ලෙස අසාධ්‍ය මට්ටමේ සිට ඇයගේ ජීවිතය බේරාගන්නට ඔවුන්ටත් නොහැකි වුණා.
සිද්ධියෙන් දින 13 කින් පසු ඇය අවාසනාවන්ත ලෙස පෙරේදා මියගියා. ඇගේ අවසන් කටයුතු ඊයේ උදෑසන නවදිල්ලියේදී සිදු කළේ පුද්ගලික උත්සවයක් හැටියටය.
මෙම ම්ලේච්ඡු ස්ත‍්‍රී ¥ෂණය නිසා සති දෙකක් පමණ තිස්සේ ඉන්දියාවම කැළඹුණා. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ පවතින අස්ථාවරත්වය පිළිබඳ මහජන උද්ඝෝෂණ මතුවුණා.
මෙලෙස මියගිය තැනැත්තියගේ නම පවුලේ අය ගැන හෝ ඇගේ ඡුායාරූප මාධ්‍ය වෙත එළි දැක්වූයේ නැති නමුත් ඇගේ අවසන් කටයුතු සිදු කළ අවස්ථාවේ ඒ.එෆ්.පී. මාධ්‍යවේදීන් ඇගේ පියා සහෝදරයා ඇතුළු ඥාතීන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබුණා. මෙම සිද්ධිය වූ දා සිට මියගිය තරුණියගේ් මව කම්පනයට පත්ව ඇති බවත් ඒ නිසාම ඇයට මෘත දේහය නරඹන්නට නොහැකිවූ බවත් පියා විසින් ප‍්‍රකාශ කර තිබුණා. මේ ස්ත‍්‍රී ¥ෂණය සිදු කළ මිනීමරුවන්ට නිසි දඬුවම් ලබාදෙනතෙක් සටන් කරන බවද ඇගේ පියා ප‍්‍රකාශ කර තිබුණා. 23 හැවිරිදි පරිපූරක වෛද්‍ය ශිෂ්‍යාවක් බව කියන මියගිය තැනැත්තියගේ නම මාධ්‍ය වෙත දිගින් දිගටම වසන් කර තිබුණ අතර ඉන්දියාවේ උද්ඝෝෂකයින් පෝස්ටර ලියද්දී සටන්පාඨ වලදී ඇගේ නම ලෙස ්අමානාත්’ හා ‘නිර්භීතා’වැනි අන්වර්ථ නාම සඳහන් කළා.
බිහිසුණු අත්දැකීමට මුහුණදුන් ඇගේ පෙම්වතාද අවසන් කටයුතු සඳහා පැමිණි අතර 28 හැවිරිදි ඔහුත් මේ තරුණියත් අතර විවාහය ලබන පෙබරවාරියේ සිදු කරන්නට සියලූ කටයුතු සැලසුම් කර තිබූ බවද ඇගේ සොයුරා මාධ්‍ය වෙත දන්වා තිබුණා.



0 comments for "වෛද්‍ය ශිෂ්‍යා නිර්භීතා බඳින්න හිටියේ ලබන පෙබරවාරියේලූ"
Leave a reply