ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සුපිරි බොලිවුඞ් නිළි මනීෂා කොයිරාලට පිළිකාවක්


සුපිරි බොලිවුඞ් නිළි මනීෂා කොයිරාලට පිළිකා රෝගය වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බොම්බේ, දිල්සේ, 1942 ලව්ස්ටෝරි වැනි සම්මානනීය චිත‍්‍රපට ගණනාවක ප‍්‍රධාන චරිතයට පණ පෙවූ උපතින් නේපාල ජාතික බොලිවුඞ් නිළි මනීෂා කොයිරාලට පිළිකා රෝග ලක්ෂණ හඳුනාගෙන දැන් සතියක පමණ කාලයක් ගතව ඇතැයි පැවසෙනවා.
නේපාලයේ පිහිටි ඇගේ නිවෙසේදී පසුගිය මස මුලදී සිහිසුන් වී ඇද වැටීමෙන්
මේ පිළිකා රෝග ලක්ෂණ මුල්වරට ඇය පෙන්නුම් කළ බව වාර්තා වනවා.එම අවස්ථාවේ මනීෂාගේ මව
සුෂ්මා වහාම ඇය මූම්බායි හි රෝහලකට ඇතුළත් කළ අතර එහිදී මනීෂා පරීක්ෂණ ගණනාවකට ලක්කර පසුව මූම්බායි ජස්ලොක් රෝහලේදී ඇගේ රෝග තත්වය ඩිම්බකෝෂ පිළිකාවක් බව තහවුරු කර තිබුණා.

මනීෂාගේ පියා ප‍්‍රකාශ් සහ සොයුරු සිද්ධාර්ත් ද දැන් ඇය සමග සිටින බව වාර්තා වනවා.
මනීෂාගේ පළමු විවාහය වූයේ නේපාලයේ ඔස්ටේ‍්‍රලියානු තානාපතිව සිටි ක‍්‍රිස්පින් කොන්රෝයි සමග 2001 දී ඇති කරගත් විවාහයයි.ඇමෙරිකානු ගත්කතුවරයකු වූ ක‍්‍රිස්ටෝපර් ඩොරිස් සමග ඊළ`ග විවාහයෙන් පසු දිගු කලක් නිහඬව සිටි ඇය මින් වසර දෙකකට පෙර 2010දී සමරත් දහාල් සමග ඇරඹූ විවාහය මින් මාස කිහිපයක සිට බිඳවැටී ඇත.

ඇය කාලාන්තරයක් තිස්සේ මත්පැන් හා දුම්වැටි වලට ඇබ්බැහිව සිටි බවත් ඇගේ සිරුර පවා අසාමාන්‍ය ආකාරයට වෙනස්ව තිබුණ බවත් පසුගිය කාලයේ බොලිවුඞ් ආරංචි හෙළි කළා. ඇය ඇගේ පෙම්වතුන්ගේ ප‍්‍රශ්න නිසා කලකිරීමෙන් සිටි බව කියැවුණා.
මනීෂා අයත් වන්නේ නේපාලයේ ප‍්‍රභූ දේශපාලන පවුලකටය. ඇයගේ සීයා බිෂ්වෙෂ්වර් ප‍්‍රසාද් කොයිරාල පනහ දශකයේ අග භාගයේත් හැටේ දශකයේ මුල භාගයේත් එරට අගමැති ධූරය දැරු අයෙකි. මනීෂාගේ මහප්පාවරුන් වු ගිරිජා ප‍්‍රසාද් සහ මත‍්‍රිකා ප‍්‍රසාද් ද පසු කාලයේ තනතුරු හෙබවුවා.
මින් වසරකට පමණ පෙර ලංකාවේ සංචාරයකද නිරතවූ මනීෂා ජනපතිතුමන්ද හමුවූ අතර අරලියගහ මන්දිරයේ පැවති වෙසක් දන්සලකට සහභාගීවූ පුවතද මාධ්‍ය වාර්තා කළා. ඇය උපතින් බෞද්ධ කාන්තාවකි‍ෙහතළිස් දෙහැවිරිදි මනීෂා, තෙවරක් හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයට පාත‍්‍ර වූ නිළියකි. තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන මනීෂා කොයිරාල ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය අරඹා ඇති මුත් ඇගේ ජීවිතය කෙටි විය හැකි බව වෛද්‍ය මතයයි.


Posted in: , ,

0 comments for "සුපිරි බොලිවුඞ් නිළි මනීෂා කොයිරාලට පිළිකාවක්"

Leave a reply