ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ ආදර කතාව නිමා වෙයි



ලංකාවේ නමගිය ටෙලි නළුනිළි දෙපළක වන චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ සුප‍්‍රකට ආදර අන්දරයට නැවතීමේ තිත තැබුණ දැනගන්නට ලැබෙනවා. මෙයට හේතුවී ඇත්තේ තෙවන පාර්ශ්වයකි. රොෂාන් පිලපිටිය කියා සිටියේ ඉතාම වැදගත් හා සාමකාමී ආකාරයට ප‍්‍රශ්න විසඳාගෙන ඇගෙන් වෙන්වුණ බවය.
වසර ගණනාවක සිට ටෙලි ක්ෂ්ත‍්‍රයේ කථාබහට ලක්වූ චතුරිකා-රොෂාන් ආදර කතාව නතරවී යයි විවිධ ආකාරයට වරින් වර ආරංචි පැතිර යද්දී දෙදෙනාම කියා සිටියේ ඒවා බොරු බවය. පසුගිය කාලයේ නිතරම ඔවුන්ගෙන් මාධ්‍ය අසා තිබුණ පැනය වූයේ කවදාද විවාහ වෙන්නේ යන්නය.

ළ`ගදීම විවාහ වන බවත් අනතුරුව මහරගම පන්සල පාරේ ඔවුන් එක්ව තැනූ නිවසට පදිංචියට යන බවත් ඔවුන් මින් මාස කිහිපයකට ඉහතදීත් පිළිතුරු දී තිබුණ නමුත් දැන් හදිසියේම ඒ කතාව නිමාවට පත්ව තිබෙනවා.දෙදෙනා අතරට තුන්වැන්නෙකු පැමිණීමෙන් මේ සුප‍්‍රසිද්ධ ආදර කතාව මුළුමණින්ම බිඳ වැටී ඇති බව  දැනගන්නට ලැබෙනවා.
ඒ තුන්වැන්නා  ඒ වෙනත් කිසිවෙකු නොව ටෙලි නළු ගයාන් වික‍්‍රමතිලකයි. මේ දිනවල ජනප‍්‍රියව පවතින සේපාලිකා ටෙලිනාට්‍යයේ සුදුහාමිනේ හා පහන් අයියා ලෙසද චතුරිකා හා ගයාන් එකට ර`ගපානවා.
අවුරුදු 3 ක හා මාස 14 ක දරු දෙදෙනෙකුගේ පියෙකු වන ගයාන් විවාහවී වසර හතක් වන බවත් වාර්තාවනවා. ගයාන් විවාහව සිටින්නේ තරුෂිනා ලතීෆ් නමැති මැලේ ජාතික කාන්තාවක සමගය.


අවසානයේ චතුරිකා හා රොෂාන් තීරණය කර ඇත්තේ වෙන්වන්නටය. ගයාන්ද ඔහුගේ පවුල පිළිබඳ තීරණයක් ගන්නට යන බව සැලයි.

Posted in: , ,

0 comments for "චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ ආදර කතාව නිමා වෙයි"

Leave a reply