ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඇමති වෙල්ගමගෙන් රෝසි සේනානායක ට මනමාල කතා


පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක වන රෝසි සේනානායක මහත්මිය විසින් අසු පැනයකට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් පිළිතුරු ලබාදීමේදී සිදුකල ප්‍රකාශයන් සමස්ත කාන්තා පරපුරටම සිදු කරන ලද අවමානයක් ලෙස රෝසි සේනායක මහත්මිය පවසයි.

කුමාර වෙල්ගම : මම පාර්ලිමේතු ඇවිල්ල අවරුදු 19 ක් වෙනවා. අද තමයි මම ඉතාමත්ම සන්තෝස වෙන දවස. මේ වගේ රූමත් නෝනා මහත්මයෙක් මගෙන් ප්‍රශ්න අහනවට මම අද ගොඩාක් සන්තෝස වෙනවා..

රෝසි සේනානායක : බොහොම ස්තුතියි..එහෙනම් සන්තොසෙන්ම පිළිතුරු දෙමු...

කුමාර වෙල්ගම : පොඩ්ඩක් ඉන්න මාව තාම වෙව්ලනවා වගේ...දැන් මට කතාකරගන්නත් බැහැ

රෝසි සේනායක : වචන පටලවගන්න එපා..
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ විරෝධය එල්ල විය.


කුමාර වෙල්ගම : මට මෙතන මගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ .. නමුත් ඔබතුමිය පාර්ලිමේතුවේ පිටතදී හමුවුනොත් මම කියන්නම්

මීට දින කිහිපයකට පෙර මෙම ඇමතිවරයා පවසා තිබුනේ සිකුරා ඉන්නේ ඔහුගේ නලලේ බවත්, ඔහු ජීවත් වෙන්නේ සිකුරා සමඟ බවත්, කාන්තාවන් ඔහුට ලෙංගතුයි බවත්ය.



Posted in:

0 comments for "ඇමති වෙල්ගමගෙන් රෝසි සේනානායක ට මනමාල කතා"

Leave a reply