ඇමති මහින්දානන්දගේ මුහුණේ ගිය උපන්දින කේක් ගෙඩිය
පසුගිය සතියේ ඇමති මහින්දානන්ද අලූත්ගමගේගේ උපන් දින සාදය පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු කැන්ටීමේය. මේ සඳහා ඔහුගේ හිතවතුන් හා ඇමතිවරුන්ට ආරාධනා ලැබී තිබුණා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඇමති මහින්දානන්දගේ පාසල් සමයේ එකම පන්තියේ මිතුරෙකු බව කියන එජාප මන්ත‍්‍රී හර්ෂ ද සිල්වාට මෙම උත්සවයේ විශේෂ තැනක් ලැබී
තිබෙන බව කියැවෙනවා.
උත්සවයට පිරිස පැමිණ කථාබහේ නිරතවන අතර මහින්දානන්ද ඇමතිවරයා එකවරම
‘මෙහෙ වරෙන් උඹට කේක් කෑල්ලක් කවන්න’ යයි අඬගසා ඇත්තේ හර්ෂටයි.
තමාට ලැබුණ කැඳවීමට සතුටුවී හර්ෂ මන්ත‍්‍රීවරයා කේක් ගෙඩිය අසළට ගිය හැටියේම ඇමති මහින්දානන්ද අනපේක්ෂිත ලෙස කේක් කෑල්ලක් කඩා හර්ෂගේ මුහුණ පුරා අයිසින් තැවරෙන සේ අතුල්ලා මහ හඬින් සිනහසුනේලූ.
මේ දැක පැමිණි පිරිසද කොක් හඬලා සිනාසී තිබෙනවා. විහිළුවක් කරන අටියෙන් මෙම ක‍්‍රියාව සිදු කර තිබුණත් එයට රිටර්න් එක දෙන්නට නොපැකිළුණ මන්ත‍්‍රී හර්ෂ
‘පාන් නැත්තම් කේක් කාපල්ලා..’
කියමින් මුළු කේක් ගෙඩියම ඇමති මහින්දානන්දගේ මුහුනේ ඇතිල්ලූවේලූ. කේක් ඉවරවූ උත්සවයද එතෙකින් නිමවූයේලූ.
0 comments for "ඇමති මහින්දානන්දගේ මුහුණේ ගිය උපන්දින කේක් ගෙඩිය "
Leave a reply