දහම් පාසල් ගුරුවරිය බාත්රූම් එකේ මරාදාලා
තලගල ප‍්‍රදේශයේ නිවසක නාන කාමරයක් ඇතුලත තිබී
පහර දි ඝාතනය කරන ලද ගුරුවරියකගේ මළ සිරුරක් පෙරේදා (28 * රාතී‍්‍ර හමු වුණා. මිය ගිය කාන්තාවගේ සැමියා රැුකියාවට රාතී‍්‍ර නිවසට පැමිනි අවස්ථාවේදී බාත්රූම් එක ඇතුළේදී තම බිරිය ඝාතනය කර ඇති අයුරු දැක ඔහු බියට පත්ව ඇති අතර පොලිසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ අරඹා තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ මීපාගල පේරගස්හන්දිය ස්වර්ණලතා මාතරගේ නැමැති 48 හැවිරිදි දහම්පාසල් ගුරුවරියකි.
සොරකම් කිරීමේ අරමුණින් නිවසට ඇතුළු වූ යම් අයෙකු අතින් මෙම ඝාතනය සිදු වී
ඇතැයි සැකයක් පවතින අතර ඝාතකයා කාන්තාව සමග පොරබදා ඇති බවට සලකුනු දක්නට ඇති බව පොලිසිය දන්වනවා.
ඝාතනය සිදුව ඇති ස්ථානය අසළ මෝල් ගසක්ද තිබී ඇත. මියගිය අයගේ සැමියා වන බන්දුසේන අලූත්ගේ මහතා කොළඹ හයිඩ‍්‍රාමනී ආයතනයේ ප‍්‍රධාන කාර්යාලයේ සේවය කරන අයෙකි. ඔහු රියදුරෙකු සහිත වාහනයෙන් නිවසට පැමිණෙන අවස්ථාවේ නිවසේ ගෙට්ටුව හා දොරවල් ඇර දමා තිබූ බව වාර්තා වනවා. ඔහු ඇතුළුවී බිරිය සොයා යද්දී ඇගේ සිරුර නාන කාමරයේ තිබෙන අයුරුත් එහි දොරද අර්ධ වශයෙන් ඇර තිබෙන අයුරුත් දැක ඇත.
බන්ධුසේන මහතාට මියගිය බිරිය දුරකථනයෙන් එදින දවල් 2 ට පමණ කතා කළ නමුත් සවස 3 න් පසු ඇගේ ඇමතුමක් නොලැබුණ බවත් දන්වා සිටියා. තම බිරිය අමානුෂික ලෙස ඝාතනය කර ඇති අයුරු දැකීමෙන් බියට පත් බන්ධුසේන මහතාට එකවරම කළ හැකි දෙයක් සිහිපත්ව නැති අතර ඔහු මිදුලට ගොස් විලාප දෙමින් කෑගසා ඇත. පසුව අවට පිරිස් එතැනට එක්ව තිබෙනවා.
රියදුරු මහතා ඒ වන විටත් වාහනය හරවා ගොස් තිබූ අතර ඔහුට ඇමතුමක්දී ඔහුවද ගෙන්වාගෙන නිවස අවට පරීක්ෂා කර තිබෙනවා. මෝල් ගසකින් පහරදීමක් සිදුව ඇති බවට සැකයක් පවතින බවද සිද්ධිය නිරීක්ෂණය කළ පොලිසිය දැන්වුවා.
සිද්ධිය පිළිබදව මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඊයේ පැවැත්වූ අතර මෙතෙක්
කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත


0 comments for "දහම් පාසල් ගුරුවරිය බාත්රූම් එකේ මරාදාලා "
Leave a reply