ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මම ර`ගපෑවොත් ඉතින් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්නේ - සුමනා ගෝමස් කතා කරයි


සිංහල සිනමාවේ සරාගී නිළි රැුජිනිය ලෙස හඳුන්වන සුමනා ගෝමස් පසුගිය සතියේ ඇමරිකාවේ සිට ලංකාවට ආවේ වසර 11 කට පසුවයි.
නමසිය අනූ ගණන් වල අග භාගයේ ලංකාවේ තිබුණ කාම චිත‍්‍රපට රැුල්ල තුළ සුමනා ගෝමස් විවාද සම්පන්න නිළියක බවට පත්ව සිටියා.‘ඇගේ වෛරය’ යනු ඇය පෙනී සිටි ජනප‍්‍රියම චිත‍්‍රපට පෙළයි.
ඇය ප‍්‍රකට වූයේ ඇගේ අඩනිරුවත සිනමාවට ගෙන ඒම නිසා පමණක් නොව මං ඒවට හිටියේ නෑ එඩිට් කරල දාල තියෙන්නෙ වැනි කතා කියූ අනෙක් නිළියන් මෙන් නොවී බිය නැතිව අඩනිරුවත ගැන එළිපිට කතා කරමිනි.මේ නිසාම ඇයට එරෙහිව දැඩි විවේචන එකල එල්ල වුණා.

පසු කාලීනව ඇය ඇමරිකාවට ගිය පසු කිසිවෙකු ඇය කරන්නේ කුමක්දැයි දැන සිටියේ නැත.පසුගිය සතියේ ඇය ලංකාවට ආවේ අලූත් ආරංචියක්ද සමගිනි. ඒ
ඉතාලි ජාතික සුද්දෙකු කසාද බැන්ද පුවතත් සමගය.
මෙවර සරසවිය පුවත්පතට ඇය සපයා තිබෙන සම්මුඛ සාකච්ඡුාව පහත පරිදිය.

අවුරුදු කීයකට පස්සෙද ඔබ නැවත ලංකාවට ආවේ?

වසර එකොළහකටත් වැඩි කාලයකට පස්සේ.

ඔය කාලය තුළ නැවත ලංකාවට එන්න හිතුවේ නැද්ද?

මගේ වීසා ඉවර වුණා. වීසා හදාගෙන එහෙ ඉන්න පුළුවන්කම තිබුණා. යම් අයුරකින් මා නැවත ලංකාවට ආවා නම් ආයෙත් එහෙට යාමේ ගැටලූවක් තිබුණා. ඒ තත්ත්වය මග හැරෙනකම් මට එහෙට වෙලා ඉන්න සිද්ධ වුණා.


මෙවර හදිසියේම ලංකාවට එන්න හිතුවේ?

මම ගොඩක් මගේ මවට ආදරෙයි. මම ඇයව බලන්නේ නැතුව අවුරුදු එකොළහකට වැඩිය හිටියා. ඇයත් මාව දකින්න නැතුව හිටියේ බොහොම දුකින්. ස්කයිප් එකෙන් තමයි මා ඇයව ඔය කාලය තුළ කීප විටකත් දැක ගත්තේ. දුරකතථයේ ඇයත් සමග කතා කළා හැරෙන්න බලන්න එන්න හැකියාවක් තිබුණේ නෑ. මෙවර මම හදිසියේම ආවේ අම්මාව බලන්න.

ඔබ එන බව රහසක්ව තබා ගත්තේ ඇයි?

මම ලංකාවට එනවා කියල දැනගෙන හිටියේ අපේ පවුලේ කට්ටිය විතරයි. ඒ හැරෙන්න මගේ හොඳම මිතුරෙකු වූ ශමල් අතපත්තුත් මම ලංකාවට එන බව දැන සිටියා. ශමල් මට නිතරම කතා කරනවා. මම ලංකාවට එන බව පවුලේ අයගෙන් පිටට කියා තිබුණේ ෂමල්ට පමණයි.

දීර්ඝ කාලයකට පස්සේ ලංකාවට ආපු ඔබට මොන වගේ හැ`ගීමක් ද ඇති වුණේ?

මම ලංකාවෙන් යන කොට අපේ රට විශාල ත‍්‍රස්තවාදී යුද්ධයකට පැටලිලා හිටියේ. අද ඒ තත්ත්වය නෑ. සාපරාධී යුද්ධය නිමා වෙලා දැන් රට වෙනස් වෙලා.

ගුවන් තොටුපළේදී ඔබට රසිකයන්ගේ ප‍්‍රතිචාරයන්ට මුහුණ දෙන්නත් සිදු වුණා නේද?

ප්ලේන් එකෙන් බැස්සට පස්සේ කටුනායකදී මට ගැටලූ කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2001 වසරේ ගියාට පස්සේ මා නැවත ලංකාවට එන පළමු වතාව මෙය වීම නිසා මගේ පාස්පෝට් එකේ දින වකවානු ඉවර වී තිබුණා. කල් ඉකුත්ව ගොස් තිබුූ එම පාස්පෝට් එකෙන් නැවත පැමි”ම පිළිබඳ ගුවන් තොටුපළේ සිටි ආගමන විගමන නිලධාරීන්ට ගැටලූවක් වුණා. ඔවුන් කීප වතාවක්ම මා පිළිබඳ විමසිලිමත් වුණා මාව හරි හැටි හඳුනාගන්න. චිත‍්‍රපටවල ර`ගපෑ සුමනා ගෝමස්මද කියාත් ඇහුවා.
මම යන දවස්වල තිබුණට වඩා අද වෙන කොට පාස්පෝට් එක වුණත් පරිගණක ගත කරලා. මේ ගැටලූවේදී මට ආගමන විගමන නිලධාරීන් කීප දෙනෙකු ළ`ගටම යන්නත් සිදු වුණා. ඔවුන් මට කිව්වා ගොඩක් මම වෙනස් වෙලා කියලා. එහෙම කියන කොට මට ලැජ්ජත් හිතුණා. පොඩි ප‍්‍රමාදයක් ඇති වුණත් ඔවුන්ට මම කිව්වේ ඉක්මනින්ම ගෙදර යනවා කියලයි. ගැටලූව නිරාකරණය වී මම එළියට එන කොට පිට වෙන දොර දක්වාම ආගමන විගමන නිලධාරීන් පෝලිමට දෙපසට වෙලා බලා ඉන්නවා. අන්තිම තැනට ආපු මම ආපසු හැරිල ඒ අයට කිව්වා කොහොම හරි මාව හඳුන ගත්තා නේද කියලා.

වාහනයට නගින්න යන කොටත් කීප දෙනෙක්ම ඇවිත් කතා කළා. ඔවුන් මාව හඳුනගෙන ළ`ගටම ඇවිත් සුමනා ගෝමස් නේද කියලත් ඇහුවා. මට ඒ වෙලාවේ ලොකු සතුටක් ඇති වුණා අවුරුදු එකොළහකටත් පස්සේ මම එදා වගේම මිනිස්සු හඳුනන එක ගැන.

අද ඔබේ ජීවිතයේ වෙනසක් වෙලා. විවාහය ගැනත් කතා කරමු.

අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා.

කවුද ඔබේ සැමියා?

ග්‍රෙගරි ටොරොටෝලියෝ. ඔහු ඉතාලි ජාතිකයෙක්. ස්ටැටන් අයිලන්ඞ්වල බේලී සීමන් රෝහලේ ප‍්‍රධාන සුපවේදියා ලෙස ගෙගරි රැුකියාව කරනවා.

ඔබට කොහොමද ග්‍රෙගරි හම්බ වුණේ?

මගේ මිතුරියක් මාර්ගයෙන්. ඉන්දියානු ජාතික මිතුරියක වූ මයුරි මාර්ගයෙන් මට ග්‍රෙගරි හඳුනා ගන්න ලැබුණා. දවසක් මයුරි මට කිව්වා ආසියාතික කාන්තාවක් විවාහ කරගන්න ඇය දන්න මිතුරෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ අනුව ඇය මට බල කළා මේ මිතුරා බලන්න යන්න. දවසක් මයුරිත් මමත් ඔහුගේ නිවෙසට ගියා. අපි දෙන්නාට ඉහළම තත්ත්වයේ භෝජන සංග‍්‍රහයක් ග්‍රෙගරි සූදානම් කරල තිබුණා. කෑම මේසය හරිම විචිත‍්‍රවත්.ඒ හමුවේදී තමයි මම ග්‍රෙගරිව මුල්වරට දැක්කේ. ඊට පස්සේ අපි කීප වතාවක්ම මගේ මිතුරිය සමග ගොස් ඔහුව හමුවුණා. ඔහුත් සමග ප‍්‍රිය සම්භාෂණ කීපයකට සහභාගි වුණා. පසුව මා ඔහුව තනිවම හමු වුණා. මා පිළිබඳ තමා තුළ තියෙන කැමැත්ත ග්‍රෙගරි මට කිව්වා. මම ලංකාවේ කෙනෙක් කියල දැනගත්තාම ගොඩක් සතුටු වුණා. එයාගේ පවුලේ අයටත් මාව හඳුන්වලා දුන්නා. අපි දෙන්නට දෙන්නා හොඳට ගැළපුණා. අදහස් පවා එක වගෙයි. ග්‍රෙගරිටත්  ඕනෑ කළා වැඩිකල් නොගොස් විවාහ වෙන්න. සාමාන්‍යයෙන් එහෙ හඳුනාගෙන ආශ‍්‍රය කළත් විවාහ වෙන්නෙ වසර දෙක තුනක් යනවා. ඒත් අපි දෙන්නා හඳුනාගෙන මාසෙකින් විතර විවාහ වුණා. 2011 දෙසැම්බර් මාසයේ නත්තල් දා ග්‍රෙගරි මා ගැන අදහස මට කිව්වා.

විවාහය වෙනුවෙන් ඔබට කවුද උදවු කළේ?

ලංකාවේ සිට එහෙ ගිහින් ඉන්න යාළුවෝ ගොඩක් උදවු කළා. නිව්යෝර්ක්වල ජනවාරි තිස් වැනිදා අපේ විවාහය නිමිත්තෙන් යාළුවෝ හැමෝටම ටී පාටියක් අපි දෙන්නා ලෑස්ති කළා. පෙබරවාරි පළවැනිදා අපි දෙන්නා ෆ්ලොරිඩා ගියා හනිමුන් එකට.

ඔබ ජීවිතයේ බලාපොරොත්තු වූ සහකරුවාම ලැබුණාද?

මම අදහන දෙයියො බුදුන් මට නියම කෙනා හොයල දුන්නා. ජීවිතේ හරිම පුදුමාකාරයි. මම ප‍්‍රාර්ථනය කළ කෙනාම මට ලැබුණා. ග්‍රෙගරි හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම සංවේදීයි. එයාගේ හිත හරි ඉක්මනට උණු වෙනවා. මට තියෙන්නේ පුදුම ආදරයක්. මගේ සිතුම් පැතුම්ම තමයි එයාටත් තියෙන්නේ.

නිව්යෝර්ක්වල ජීවිතය කොහොමද?

හරිම කාර්යබහුලයි. වියදමත් සැරයි. විවේකය අඩුයි. රස්සාවක් නැතුව එහෙ ජීවත් වෙන්න බැරි තරම්. විවේකය ගැන හිතන් නැතුව වැඩ කරන්න  ඕනේ. මම ඉන්න ගෙට විතරක් ඩොලර් 1012 ක් ගෙවනවා.

හදිසියේම ලංකාවෙන් යන්න වූ හේතුව මොකක්ද?

මේ රටේ සමාජ සංස්කෘතික හැදියාවට ගරු කරන කෙනෙක් මම. ඒක නිසාම මම විදේශගත වී පදිංචිවීමට අදහස් කළා. මගේ අයියාගේ බිරියගේ මව වූ විජේසේකර ඇන්ටි මට කිව්ව දෙයක් තමා සුමනා ඔයාගේ තියෙන ගතිගුණවල හැටියට පිටරට කෙනෙක්ව බඳින එක තමයි හොඳ කියලා. ඒ වගේම මට නොයෙක් අයුරින් ර`ගපෑම ගැන සමහරු අපවාද නගන්න වුණා. මෙවැනි දේ නිසාම මම රටෙන් යන්න සිතුවා.

අමෙරිකාවේ ඔබ නැවතුණේ කොහොමද?

මම ර`ගපෑ ‘චෙරියෝ සාජන්’ නාට්‍යය එහි රැුගෙන ගියා පෙන්වන්න. ඒ රටේ කට්ටියක් තමයි නාට්‍යය සංවිධානය කළේ. මගේ යාළුවෙක් එහෙ හිටියා. ඇය කිව්වා මට රස්සාවක් හොයලා දෙන්නම් එහෙ නවතින්න කියලා. ඒ අනුව මම එහෙ නතර වුණා. අනෙක් පිරිස ආපසු ආවා. මගේ යාළුවා පාරෙ යන හැටි කියලා දුන්නා. කෝච්චියේ යන හැටි කියලා දුන්නා.

එහෙ ඔබ කරන රැුකියාව මොකක්ද?

වයසක වැඩිහිටියෙක් බලා ගැනීම. උපස්ථායක රැුකියාව, මට ඉහටත් උඩින්. ඒ රටේ දෙමාපියන් බලා ගැනීම දරුවන්ට අපහසු කටයුත්තක්. රැුකියාව මත තිබෙන අවිවේකී බව නිසාම තම දෙමාපියන් රැුක බලා ගැනීම සඳහා ඔවුන් උපස්ථායක කෙනකුගේ සේවය අපේක්ෂා කරනවා. මේ සඳහා බිහි වූ විවිධ ආයතන තිබෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් යොමුවෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයක් තියලා එයින් සමත් විය යුතු වෙනවා. තමන්ට මේ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් ආදිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඔවුන්ව රැුක බලා ගැනීම ආදිය පිළිබඳ ලබා තිබෙන පුහුණුව පිළිබඳ විශේෂ අවසර පත‍්‍රයක් පවා ලබා ගත යුතු වෙනවා. මේ රැුකියාවේ තියෙන භාරධූර කාර්ය වගේම තිබෙන වගකීමත් ඉතා ඉහළයි.

අද ඔබ ලංකාවට පැමිණියාම ඒ කාර්ය කවුරුන් අතින් ද සිද්ධ වෙන්නේ?

රැුකියාවේ තියෙන වගකීම අනුව අපිට  ඕනෑ වෙලාවට යන්නත් ඒක දාල එන්නත් බෑ. දාලා ආවොත් දාලා ආවමයි. ආයෙ අපි එනකන් බලා ඉන්නේ නෑ. ඒ නිසා මම නැවත එනකන් මම හොඳීන් හඳුනන මෙවැනි දේ පිළිබඳ දැනුමක් තියෙන සිංහල කාන්තාවක් මා නැවත පැමිණෙන තුරු යොමු කරලයි ආවේ.

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?

මගේ සැමියාගේ පවුලේ අය, අම්මා, නංගි, අක්කා, තාත්තා මට ගොඩක් ආදරෙයි. ඒ අය මට නිතර කියන්නේ එයාලත් එක්කම ඉන්න කියලා. මගේ අම්මට මම ගොඩක් ආදරෙයි. අදටත් ඇයව මගේ සහෝදර සහෝදරියන් හොඳට බලා ගන්නවා. ඒත් මම කැමැතියි අම්මවත් එහාට ගෙන්නා ගන්න. මගේ කියල තියෙන දෙයක් විකුණලා දාලා ස්ථිර පදිංචියට මම එහේ තෝරා ගන්න හිතා ඉන්නවා.

ආයෙත් ඔබ ලංකාවෙන් යන්නේ?

දෙසැම්බර් දහ වැනිදා මම යළිත් අමෙරිකාවට යනවා.

අමෙරිකාවේදී ර`ගපෑමට යොමු වුණේ නැද්ද?

එහෙදි මම විවිධ රැුකියා හයක් විතර කළා. වෙළෙඳ දැන්වීම් දෙකකට ර`ගපෑවා. ඒ රටේ රූපවාහිනිවල මගේ දැන්වීම් ප‍්‍රචාරය වුණා. එයින් මට මුදලකුත් ලැබුණා.

ලංකාවේ ගත කරන කෙටි කාලය තුළ කවුරුන් හෝ ර`ගපෑමකට ආරාධනා කළොත්?

ර`ගපාන්න නම් සතුටුයි. ඒත් මේ කෙටි කාලයට මට තිබෙන වැඩ ප‍්‍රමාණය අධිකයි. සැමියාට වුණත් අපේ භාෂාව රට තොට නුහුරුයි. ඔහු වුණත් මුල්වරට තමයි මේ ආසියාතික රටකට ඇවිත් තියෙන්නේ. මේ දින කීපයේදී මම උත්සාහ කරන්නේ සැමියාට අපේ රටේ තියෙන සුන්දරත්වය අත්විඳින්න එක්කන් යන්න. එයා හරිම ආසයි අලි බලන්න. මම එන්නත් කලින්ම කිව්වා පින්නවල එක්කන් යන්නම් අලි බලන්න කියලත්.

සැමියා ඔබව නිළියක් විදියට ද සාමාන්‍ය බිරිඳක් විදියට ද දකින්න කැමැති?

දෙවිදියටම ඔහු කැමැතියි. මම ර`ගපානවට වුණත් ඔහු කැමැතියි. මම කැමැති නම් ර`ගපාන්න වුණත් ඔහු මට අවසර දීලයි තියෙන්නේ.

දීර්ඝ කාලයක් කලාවෙන් බැහැර වීම නිසා අද ඔබෙන් රසිකයෝ ඈත්වෙලා ඇති නේද?

මම ර`ගපෑ චිත‍්‍රපට අදත් හෝල්වල පෙන්වනවා. රූපවාහිනියේ විකාශය වෙනවා. මේවා නරඹපු පේ‍්‍රක්ෂකයෝ මට කතා කරලා තියනවා. ඒක මට ලොකු ආඩම්බරයක් මාව අගය කරන එක ගැන. හු`ගක් රසිකයෝ මාව ෆෙස් බුක් එකෙන් හමු වෙනවා. මම මුලින්ම ෆෙස් බුක් එකට ඇතුළත් වුණේ මාජි ෆනෑන්ඩු නමින්. මගේ පින්තූර දැක්ක රසිකයෝ මගෙන් අහලා එවල තිබුණා ඔයා සුමනා ගෝමස් නේද කියලා. ඒ තරමටම මාව හඳුන ගත්තු මගේ රසිකයෝ පිරිසක් අදත් මට ඉන්නවා.

නැවතත් ලංකාවට එනවා නම් මේ වගේ දීර්ඝ කාලයකට පස්සේද එන්න අදහස් කරන්නේ?

සමහර විට මෙහෙ තියෙන වැඩ නිරාකරණය කරගන්න සැමියා නැතත් මම හරි සමහර විට ඇවිත් යන්න එන්න පුළුවන්. නිව්යෝර්ක්වල ඉඳල ලංකාවට එන්න ඩිරෙක් ෆ්ලයිට් නෑ. ඩුබායිවලට ඇවිත් එතනින් තමයි ලංකාවට එන්න  ඕනෑ. ගමනට විතරක් පැය දහනමයක් විතර යනවා. එක දිගට ඒමත් හරිම කර්කෂයි.

දීර්ඝ කාලයකට පස්සේ මව බැලීමේ පරමාර්ථයෙන් ආ මේ ගමනේදී අම්මා ඔබ යළිත් විදේශ ගතවෙනවාට කැමැතිද?

ගුවන් තොටුපළේ සිදු වූ ප‍්‍රමාදය නිසා දහවල් වී තමයි මට අම්මාගේ ගෙදරට එන්න පුළුවන් වුණේ. මම දන්නා හිමි නමකට පවසා පිරිත් කියා නූල් බැඳ තෙරුවන්ගේ ආශිර්වාදයත් ලබාගෙන තමයි අම්ම බලන්න ගියේ. මගේ ගමනේ මුල්ම කටයුත්ත වුණේ අම්මා බැලීම. බුලත් අතක් අරගෙන අපි දෙන්නා අම්මා ළ`ගට ගිහින් වැඳලා මගේ සැමියාත් හඳුන්වලා දුන්නා. අම්මට සතුටුයි වගේම දුකත් තිබුණා. අපි දෙන්නට දෙන්නා හොඳටම ඇඬුවා. මම කිව්වා අම්මා මාව මේ ලෝකෙට බිහිකළ නිසා තමයි මම මේ වගේ ජනප‍්‍රියත්වයක් ලැබුවේ. මේ වගේ හොඳ ගති ගුණ තියෙන සැමියෙක් මට ලබන්න වැසනාව ලැබුණේ කියා. අපි දෙන්නාගේ වෙඩින් ෆොටෝ එකත් අම්මා අතට දුන්නා.

ඔබෙත් සැමියාගෙත් දවස ගෙවෙන්නේ කොහොමද?

අපි දෙන්නම කාර්යබහුලයි. ග්‍රෙගරිත් මමත් උදේම වෝක් කරන්න යනවා. ඊට පස්සේ අපි දෙන්නා වැඩට යනවා. මට කලින් එයා ගෙදර එනවා. එයා තමයි ගෙදර උයන්නේ. හරි රසට ග්‍රෙගරිට උයන්න පුළුවන්. අවුරුදු නමයක් විතර ඉඳල ඔහු සුපවේදියෙක් ලෙස වැඩ කරනවා. මම කලින් ආපු දවසට නිවාඩු දවස්වලට මම අතින්ම තමයි කෑම සැකසෙන්නේ, අපේ සිංහල ක‍්‍රමයට. මම හදන කෑම රස බලන්න ඔහු ගොඩක් කැමැතියි.

විදේශ ගතවුණාට පස්සේ අපේ චිත‍්‍රපට, ටෙලි නාට්‍ය එහෙම ඔබට නරඹන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති නේද?

 ඕනෑම සිංහල චිත‍්‍රපටයක්, ටෙලි නාට්‍යයක් එහෙදි බලන්න පුළුවන්. මම ර`ගපාපු චිත‍්‍රපටත් වෙළෙඳ පොළේ ඞී වී ඞී හැටියට තියෙනවා. මම ඉන්ටනෙට් එකෙන් සිංහල චිත‍්‍රපට, ටෙලි නාට්‍යය නරඹනවා.

සිංහල සිනමාවේ ඔබ කළ කැප කිරීම ගැන අද පසුතැවීමක් නැද්ද?

මම කලාවට ගොඩක් ආදරෙයි. පුංචි කාලෙ මම ආශා කළේ හෙදියක් වෙන්න. ටිකෙන් ටික ලොකු මහත්වෙන කොට ආශා කළේ පොලිස් කාන්තාවක් වෙන්න. ඊටත් පස්සේ ආශා කළේ නිළියක් වෙන්න. දහසක් දෙනාගේ ඇනුම් පද විවේචන මධ්‍යයේ මම ඉදිරියට ආවා. ඒ ගමන එන්න මගේ රසිකයෝ මාව දිරිමත් කළා. රසිකයන් හා මා අතර තියෙන ඒ නොබිඳෙන බැඳීම නිසා තමයි අදත් මට රසිකයෝ ගරු කරන්නේ. කොහේ ගියත් මට ආදරය දක්වන්නේ. ඔවුන් මට දක්වන ආදරය නිසාම මා ජීවිතයේ කළ කැප කිරීම ගැන මට තියෙන්නේ සතුටක්.

නිළියක් විදියට ඔබ තෘප්තිමත්ද?

‘හිත හොඳ සූරයෝ’ චිත‍්‍රපටයෙන් තමයි මට මුල් වරට ප‍්‍රධාන චරිතයක් ලැබුණේ. ඊට පෙර මා එක්තරා රාමුවක කොටු වෙලා ර`ගපෑවා. සුනිල් ටී. චිත‍්‍රපට සමාගම මාව ප‍්‍රධාන චරිත සඳහා යොදා ගනිමින් චිත‍්‍රපට කළා. ඒ හැම චිත‍්‍රපටයක්ම ආදායම් වාර්තා තබමින් සාර්ථක වුණා. මට තියෙන ඉල්ලූම වැඩි වුණා. වේදිකාවෙන් සිනමාවට ආපු නිළියක් ලෙස ජනප‍්‍රියත්වය ලබාගන්න මම චිත‍්‍රපටවල ර`ගපෑවේ නෑ. චිත‍්‍රපට නිෂ්පාදනය කියන්නේ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදී නිළියෝ විදියට අපි කවුරුත් විකිණෙනවා.

ලිංගික ප‍්‍රවණතාව නියෝජනය කළ චිත‍්‍රපටවල ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරමින් අනුරාගී චරිත ඔස්සේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ඔබ අනුගමනය කළේ ඇෙ`ග් ඇඳුම් අඩුවන ප‍්‍රතිපත්තියක් නේද?

මම කළේ ර`ගපෑමක් විතරයි. නිළියක් විදියට චරිතයට අවශ්‍ය ලෙස මා අඩ නිරුවත් චරිතයක් ර`ගපෑවත් නිරුවත් චරිත මා කිසි විටෙකත් ර`ගපෑවේ නෑ. නිරුවත් චරිත ර`ගපාන්නෙත් නෑ. ආශාවට අඩ නිරුවත ප‍්‍රදර්ශනය කරන්න තරම් මානසිකත්වයක හිටිය නිළියකුත් නොවෙයි මම. වැඩිහිටියන්ට පමණයි ලේබලයේ ආ රැුල්ලට මටත් විශාල ඉල්ලූමක් ආවා. මට ආදරය කළ සිනමා පේ‍්‍රක්ෂකයෝ මගෙන් බලාපොරොත්තු වුණේ ඇඳුම් වැඩියෙන් නොවෙයි, අඩුවෙන්. ඒ බලාපොරොත්තුව සුන් කරන්න මම කැමැති වුණේ නෑ. මගේ ර`ගපෑම දැකලා ඒ අය තෘප්තියක් ලැබුව නම් ඒක තමයි මගේ සතුට, තෘප්තිය.

සිංහල සිනමාවේ කිරුළක් දරන නිළියක් නේද ඔබ?

මම ර`ගපෑවොත් ඒවා නිල් චිත‍්‍රපට. විචාරකයන්ගේ සාක්කුවේ සිටි නිළියෝ ර`ගපෑවොත් ඒවා සම්භාව්‍ය චිත‍්‍රපට. එහෙම මතයක් ගොඩ නැගුණු යුගයක මටත් කිරුළක් හිමි වුණා. අපේ සිනමාවට සක්විතිලා එක්කෙනයි. ආයෙ එහෙම වෙන කවුරුවත් නෑ. නිළි රැුජනත් එක්කෙනයි. ඒ තැන කාටවත් ගන්නත් බෑ. මගේ සිනමා ගමනේ මට හිමි වෙලා තියෙන සරාගී නිළි රැුජන නාමයත් මට විතරයි. සිංහල රිදී තිරයේ ගිනිසිළුව ලෙස මා හැඳින්වීම ගැන මට පසුතැවීමක් නෑ, සතුටක් මිසක්. එය මා ලැබූ නම්බු නාමයක් ලෙසයි මා සලකන්නේ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?




මට අවලාද නැගුවත් මම කාටවත් අවලාද නැගුවේ නෑ. මට කියන්න තියෙන දේ මම සෘජුවම කිව්වා. ඒ මගේ හැටි. ජීවිතය හරි පුදුමයි. කල් යල් ගිහින් මට ජීවිතයේ හිමිකාරයා ලැබුණා. ඔහුත් සමග මැරෙන තුරු සතුටින් ජීවත්වීම මගේ එකම පැතුම වගේම අන් ගැහැනියක් සේම මාත් මවක් වෙන්නත් ප‍්‍රාර්ථනා කරනවා. ඒ ප‍්‍රාර්ථනයත් මා අදහන දෙවියෝ, බුදුන් මට ඒකාන්තයෙන්ම ලබා දෙයි.

Posted in:

0 comments for "මම ර`ගපෑවොත් ඉතින් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්නේ - සුමනා ගෝමස් කතා කරයි "

Leave a reply