‘අපි මුදල් ලොකුවට තිබුණ අය නෙමේ.. ඒත් ඇඞ් වලට ආත්මය පාවා දීල නෑ..’ -හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග
මේ දිනවල ලංකාවේ විද්‍යුත් නාලිකාවලින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් උපයෝගී කරගෙන ජනතාව නොමග යවමින් පතුරුවා හරිනා ‘කැල්සියම් කිරි’ පිළිබඳ මිථ්‍යා මතය පිළිබඳ ගොසිප් ලංකා පසුගිය සතියේ හෙළිදරව් කළා.
මෙම දැන්වීම් පිළිබඳ කතාබහේදී ඇතැමුන් කියා සිටියේ ලංකාවට ලෝක කුසලානය ගෙනා හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග කිසිම අවස්ථාවක තම ප‍්‍රතිරූපය වාණිජ අරමුණු වලට පාවානොදීම පිළිබඳවය.
පසුගිය සතියක අර්ජුන රණතුංග සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් තමන් වෙළෙඳ දැන්වීම් වලට විකිණෙන්නට නොදී සිය මව එයින් තමාව ගලවා ගත් අයුරු
විස්තර කළා.
ඒ මෙසේය.
‘මගෙ අම්මා තාත්තා පුංචි කාලෙ තේරුම් කරල දුන්නා මොකක්ද ඇත්ත
තත්වය කියල. මම පළමු ටෙස්ට් තරගයට යනකොට ඇඞ්වර්ටීස්මන්ට් දෙක තුනක් ලැබුණා. එදා ප‍්‍රධාන නළු නිළියන්ට ගෙව්වෙත් රුපියල් පන්දාහක් විතර. මට දෙනව කිව්ව ලක්ෂයක විතර ගාණක්. නමුත් මගෙ අම්මා ඒ අයට කිව්ව දේ තමයි..
‘මයි සන්ස් බොඩි ඇන්ඞ් ටැලන්ට් ඉස් නොට් ටු බි සොල්ඞ්’ කියල..
‘මගේ දරුවගෙ රූපය දක්ෂතාවය විකුණන්න නෙමෙයි තියෙන්නෙ’ කියල..එදා අම්ම කිව්ව කවදාවත් ඒ දේ ඉස්සරහට කරන්න දෙන්න එපා කියල.
මම ඒ දවස්වල ඉස්කෝලෙට යනකොට උදේට අම්මා මට දෙන්නෙ රුපියල් දෙකයි. නිකං හිතන්න ලක්ෂයක් කියන්නෙ අපට ගණන් කරන්නත් බැරි තරම් ගාණක්. නමුත් අපිට හරිදේ කියල දුන්නු හින්ද එතැනට යන්න ආසාවක් තිබුනෙ නෑ.
අපි මුදල් ලොකුවට තිබුණු අය නෙමේ. නමුත් ක‍්‍රිකට් ගහපු අපේ පවුලෙ හය දෙනාටම එහෙම අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. හරි දර්ශනය කියල දීල අම්ම අපිව හරි මග යන්න අතඇරියා. මම එම්ආර්අයි ස්කෑන් ඇඞ්වටීස්මන්ට් එකකටයි, පෝලියෝ වෙනුවෙන් පෙනී සිටිය දර්ශනයකටයි ගියේ හරි සතුටින්. පරිසරය රැුකගන්න දර්ශනවල පෙනී සිටියෙත් බොහොම කැමැත්තෙන්. මම ඒවායින් සතයක්වත් මුදල් ගත්තෙ නෑ. මම මේවායින් මහා තෘප්තියක් ලබනවා. මම පෝලියෝ ඇඞ් එකකට පෙනී ඉන්න ලක්ෂ දහයක් පහළවක් ගත්තනම් ඒකෙ වටිනාකමක් නෑ..’
0 comments for "‘අපි මුදල් ලොකුවට තිබුණ අය නෙමේ.. ඒත් ඇඞ් වලට ආත්මය පාවා දීල නෑ..’ -හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග"
Leave a reply