ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බන්ධනාගාර කැරැුල්ලෙන් පසු හොල්මන් මතුවෙලා


පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැුල්ලෙන් විශාල පිරිසක් මියගියා. දැන් බන්ධනාගාරයේ මේ මියගිය අය හොල්මන් කිරීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා වනවා.
මේවා මානසික රෝගද නැත්නම් ඇත්තම හොල්මන්ද? යන්න ගැන දැන් ලොකු කථාබහක් ඇතිවෙලා.
එක් සිද්ධියක් නම් දිනක් රාත‍්‍රී සේවයේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරියට පණපිටින් පැමිණි මියගිය කළු තුෂාර බන්ධනාගාර නිලධාරියකු අමතා දුම්වැටියක් දල්වා දෙන ලෙස ගින්දර ඉල්ලීමයි.
මෙයින් තිගැස්මට ලක්වූ නිලධාරියා ‘බුදු අම්මෝ...’ කියාගෙන එම ස්ථානයෙන් පළාගිය බව ආරංචි වුණා.

ඒ අතර තවත් සිද්ධියක් වූයේ මියගිය පුද්ගලයන්ගේ හිස නැති සිරුරු ඇවිදගෙන යන ආකාරය සිරකරුවන් දෙතුන් දෙනෙකු විසින් දැක තිබීමයි. එම සිද්ධිය වාර්තාවූයේ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වූවන් රඳවා සිටින ස්ථානයේ රාත‍්‍රී කාලයේය.




බන්ධනාගාරය ඇතුළේ එකොළොස් දෙනෙකු මරාදමා තිබී හමුවූ ස්ථානයේ  කෙඳිරිලි හඬවල් හා විලාප තැබීම් ශබ්ද ඇසෙන බවත් වාර්තාවනවා. මේ සිද්ධි හේතුවෙන් සිරකරුවන් බියවී තිබෙන අතර බන්ධනාගාරයේ රාත‍්‍රී සේවයේ නියුතු නිලධාරීන් සිය සේවාවට වාර්තා කාරීමට බියක් ඇති කරගෙන සිටින බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධව ඉහළ නිලධාරීන් සමග පසුගියදා සාකච්ඡුාවක් පවත්වා ඇති රාත‍්‍රි සේවයේ නිලධාරීන්ට ඉහළ නිලධාරීන් පොරොන්දුවී ඇත්තේ නොබෝ දිනකින්ම එම ස්ථානයේ පිරිතක් කියවා ආරක්ෂාවක් ලබා දෙන බවය.

ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය රුමී රූබන් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ ෙමි සියලූ හොල්මන් භීතිකාවන් මානසික ප‍්‍රශ්න පමණක් බවයි. සිරගතව සිටින අයගේ පශ්චාත්තාපය විශාදය වැනි තත්වයන් හමුවේ කැරැුල්ලක් පැනනැගුණ පසු ඇතිවන බිය සමග සමූහ වශයෙන් මාය රූප මැවීමක් මෙතැනදී සිදුව ඇති බවත් ඒවා විද්‍යාත්මක පැහැදිලිකිරීමක් මගින් ටික කලකින්ම මග හැරී යනු ඇති බවත්ය.

බන්ධනාගාරයේ ඇතුළතින් මේ පිළිබඳ ආරංචි ආ නමුත් උසස් නිලධාරීන් අමතා හොල්මන් සිද්ධි පිළිබඳ මාධ්‍ය කළ සෝදිසියේදී ඔවුන් කියන්නේ එවැනි සිද්ධි කිසිවක් සිදු නොවූ බවකි.

Posted in:

0 comments for "බන්ධනාගාර කැරැුල්ලෙන් පසු හොල්මන් මතුවෙලා"

Leave a reply