දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් ෆෝ කිරුළ සසිඳු විජේසිරිට
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදි 08 පැවැති යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර හෙවත් ‘‘දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් ෆෝ’’ අවසන් මහා තරගයේ කිරුළ හිමිකර ගැනීමට සසිඳු විජේසිරි සමත් විය.
ඊයේ සවස 6.30ට පමණ ආරම්භ වු එම තරගය මධ්‍යම රාත්‍රීය ද ඉක්මවා අලුයම අවසන් වුයේ කිරුළ සසිඳු විජේසිරිට අත්පත් කරදෙමිනි.
ඉතා තියුණු තරගයකින් පසු සසිඳු එම ජයග්‍රහණයේ කිරුළ පළඳන විට ‘‘දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් ෆෝ’’ තරගයේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් රවීන් කණිෂ්ක හා සිතුම් නිමන්ත හිමිකර ගන්නා ලදී.
ජයග්‍රාහකයාට වටිනා මෝටර් රථයක්, මුදල් ඇතුළු තිළිණ රැසක් එහිදී ප්‍රදානය කෙරිණ.
තරගයේ දෙවන හා තෙවන ස්ථාන දිනූ දෙදෙනා වෙනුවෙන් ද මුදල් හා වටිනා තිළිණ ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණ.
ලක්ෂයකට අධික තරගකරුවන් පිරිසක් ‘‘ඩ්‍රීම්ස්ටාර්’’ සිහින තාරකාව සඳහා තරග වැදුණු අතර ඔවුන්ගෙන් දක්ෂතාව සහ ජනතා මනාපය මත අවසන් මහා තරගයට තේරීපත් වුණේ රවීන් කණිෂ්ක, සිතුම් නිමන්ත, සසිඳු විජේසිරි යන තරගකරුවන් තිදෙනායි.
මීට පෙර පැවැති තරගවලදී ප‍්‍රථම වරට ‘‘ ඩ්‍රීම්ස්ටාර්’’ කිරුළ හිමිකර ගත්තේ උදේෂ් ඉන්දුලයි.
දෙවනවර උපේඛා නිර්මාණී ද තෙවනවර කෙෂාන් ශෂේන්ද්‍ර ද කිරුළ ලබා ගැනීමට සමත්විය.
තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර ටීවී දෙරණ ඔස්සේ ද දහස් සංඛ්‍යාත පිරිසක් එම තරගය නරඹන ලදී.
0 comments for "දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් ෆෝ කිරුළ සසිඳු විජේසිරිට"
Leave a reply