ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දීප්තිමත් අත්භූත වස්තුවක් නොච්චියාගමට ගොඩබහී


අහසේ සිට පාවීගෙන ආ දීප්තිමත් අත්භූත වස්තුවක් තමන් පදිංචිව සිටි නිවසේ පිටුපස පිහිටි විශාල ඇහැටු ගසක් මතට 07 වනදා සවස් යාමයේ ගොඩබෑ බව නොච්චියාගම නගරයේ පදිංචි පාසල් දැරියක් වන උත්පලා තත්සරණී චන්ද්‍රසේන සිසුවිය පැවසුවාය.

පසුගිය 07 වනදා 6.25ට පමණ ඇය නිවසේ පිටුපස ඇඟ සෝදමින් සිටියදී එක්වරම අහසේ සිට එළියක් විහිදුවා ගත් යානාවකට සමාන අද්භූත වස්තුවක් පැමිණ ඇහැටු ගස මතට ගොඩබා ඇත. ඇය එය දැක බියට පත්වී ඇති අතර රාජකාරී අවසන් වී නිවසට පැමිණ සිටි තම පියා වන නොච්චියාගම පොලිසියේ සැරයන්වරයකු වන චන්ද්‍රසේන මහතාට නිවස පිටුපසට එන ලෙස ඇය කෑගසා ඇත.
ඒ අනුව වහාම එම ස්ථානයට දිව ගිය සැරයන් චන්ද්‍රසේන මහතාද යම් අද්භූත වස්තුවක් ඇහැටු ගස මත තිබෙන අයුරු දැක ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයේ සැරයන් 29791 චන්ද්‍රසේන මහතා, මම වැඩ ඇරිලා ඉවර වෙලා නිවසට ගිහිල්ලා දවල් කෑම කන්න ලෑස්ති වුණා විතරයි. පිටුපස්සේ ඇඟ සෝදමින් සිටි මගේ ලොකු දුව අප්පච්චි අප්පච්චි එන්න කියලා කෑ ගැසුවා. මං යනකොටත් දුව හොඳටම බයවෙලා හිටියේ. දුව කිව්වා අප්පච්චි අර ඇහැටු ගහේ යානාවක් තියනවා කියලා. මම බලද්දී දැක්කා අඩි 60ක් පමණ උස ඇහැටු ගහේ යම් අද්භූත වස්තුවක් තියනවා.

විනාඩි කිහිපයකින් පසුව අද්භූත වස්තුව කැරකි කැරකි මන්නාරම පැත්තට ගියා. ඒකෙන් නිල්පාට සහ කහ පාට එළියක් විහිදුනා. ටික වේලාවක් එය ගිය පාරත් උඩු ගුවනේ රැදිලා තිබ්බා. මම කොහොම හරි දුවට කියලා ජංගම දුරකථනය ගෙනල්ලා විනාඩි 1 1/2 ක් විතර වස්තුව පටිගත කර ගත්තා. එක පාරටම විනාඩි කිහිපයකින් ඒක පේන්නේ නැතුව ගියා. හරියටම හැඩයක් කියන්න බෑ. ඒකට ත්‍රිකෝණාකාර පෙනුමක් තිබ්බේ. විශාලත් නෑ යැයි ඔහු අප සමඟ පැවසුවේය

Posted in: , ,

0 comments for " දීප්තිමත් අත්භූත වස්තුවක් නොච්චියාගමට ගොඩබහී"

Leave a reply