මන්ත‍්‍රීනි රෝස් ප‍්‍රනාන්දු මෙනෙවියගේ නාසය සපා කාලා
ඊයේ බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අතරවාරයේ එජාප මන්ත‍්‍රීවරුන් සභා ගැබෙන් ඉවතට ඇවිත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරද්දී එය කඩාකප්පල් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් උත්සාහ කිරීම නිසා ගාලගෝට්ටියක් ඇතිව තිබෙනවා.පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා අයථා අන්දමින් වරප‍්‍රසාද ලබමින් කටයුතු කරන බව කියමින් මේ රණ්ඩුව ඇතිව තිබෙනවා.
විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතදරා සිටි සටන් පාඨ පුවරු පැහැරගෙන ඉරා දැමීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කටයුතු කළ බවත් දෙපාර්ශ්වය අතර දැඩි වාග් සහ ගුටි බැට හුවමාරු ද සිදු වූ බවත් වාර්තා වුණා. ගැටුම් මැද ජල බෝතල් සහ ප්ලාස්ටික් බඳුන් වැනි දෑ එල්ල වූ බවද කියැවුණා. මේ අතරවාරයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුගේම නාස් හා අත්පය සපාකෑම්ද සිදුව තිබෙන බවද වාර්තා වුණා.
රෝස් ප‍්‍රනාන්දු මෙනෙවිය (එජාප) හා එම්. එම්. අම්ජාඞ් (එජනිස) යන මහත්ම මහත්මීන් සභාවේදී කියා ඇත්තේ තමන්ගේ නාස් සපා කා ඇති බවය.
0 comments for "මන්ත‍්‍රීනි රෝස් ප‍්‍රනාන්දු මෙනෙවියගේ නාසය සපා කාලා "
Leave a reply