මින් ඉදිරියට මම දේශපාලන වේදිකාවල සිංදු කියන්නේ නැහැ - දයාසිරි ජයසේකර.
මේ දිනවල යු ටියුබ් වෙබ් අඩවියේ ජනප‍්‍රය ගීතයක් ඒක. ගීතය ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ තරුණ මන්තී‍්‍රවරයෙක්. ඒ දයාසිරි ජයසේකර. ඔහු ගායනයට මෙන්ම රංගනයටත් දක්ෂයෙක්. ඒ වගේම දේශපාලන වේදිකාවක් මොහොතකින් සිනා සයුරේ ගිල්වීමට සමත් මුඛරි කමක් ඔහු සතුයි. ඔහුගේ කලා ජීවිතයේ අලූත් කඩඉම් ගැන ලක්බිම පුවත් පත සමඟ පිළිසදරකට එක්වෙමින් අදහස් දක්වා තිබුනේ මෙලසය.මේ දිනවල යු ටියුබ් වෙබ් අඩවියේ ජනප‍්‍රය ගීතයක් ඒක. ගීතය ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ තරුණ මන්තී‍්‍රවරයෙක්. ඒ දයාසිරි ජයසේකර. ඔහු ගායනයට මෙන්ම රංගනයටත් දක්ෂයෙක්. ඒ වගේම දේශපාලන වේදිකාවක් මොහොතකින් සිනා සයුරේ ගිල්වීමට සමත් මුඛරි කමක් ඔහු සතුයි. අද අපි ඔහුගේ කලා ජීවිතයේ අලූත් කඩ ඉම් ගැන කතා කරමු.
කලාකරුවෙක් දේශපාලනයට එන එක ගැන මොකද හිතෙන්නේ?
අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමහරු කලාව වගේම දේශපාලනයත් සමබරව කරගෙන යනවා. ඒ සඳහා අවශ්යේ කැප කිරීමයි. ලෝකයේ ඕන තරම් කලාකරුවන් දේශපාලනඥයන් වෙලා තිබෙනවා. ඒ තුළින් ඔවුන් ජනාධිපතිලා වගේම මැති ඇමැතිවරුත් වෙලා තිබෙනවා.
දේශපාලනඥයෙක් කලාවට එන එක ගැන ඔබ දරන්නේ කුමන අදහසක්ද?
ඒ සම්බන්ධයෙන් නම් කරණා කීපයක්ම බලපානවා. දේශපාලනය කරලා ඉන් ලබාගන්නා බලය මත කලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලනඥයා ලබාගන්නා ජනප්රි යත්වය මත කලාවට සංක්ර මණය වෙන්නත් පුළුවන් නමුත් හැම දෙයටම වඩා තමන්ට කලාව සම්බන්ධයෙන් හොඳ හැකියාවක් තිබිය යුතුයි ඒ තුළින් ඉදිරියට යාමට නම්.
ඔබට ගීත ගායනයට එන්න හිතුණේ අයියා ගායකයෙකු ලෙස ඉදිරියට ආ නිසාද?
මම මීට පෙර ගීත ගායනා කර තිබෙනවා. සමහර ජ්ර් නාලිකාවල ඒ දවස්වල මගේ ගීත ප්රවචාරය වුණා. පසුව ඒවා ප්ර චාරණය වුණේ නැහැ. මටත් එතරම් උවමනාවක් තිබුණෙ නැහැ ඒ පිළිබඳව සොයා බලන්න. මම දේශපාලනයට මුල් තැනක් දීපු නිසා මගේ කලා කටයුතු ක්ර ම ක්රහමයෙන් අතපසු වුණා. නමුත් මට හිතුනා කලා කටයුතුවලටත් ටිකක් සම්බන්ධ වුණොත් හොඳයි කියලා. ඒ නිසා මම ආපසු කලාව පැත්තට යොමු වුණා.
ඇයි මේ තරම් ප‍්‍රරමාද වුණේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න?
මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් ඒ දේවල් යටපත් වී මගේ දේශපාලන ගමන ඉදිරියට ආවා. ඒ නිසා බොහෝ රසිකයින් හිතන්නේ මම මෑතකදී කලාවට සම්බන්ධ වුණා කියලා. නමුත් මගේ කලා ජීවිතයට දිගු ඉතිහාසයක් තිබෙනවා.
ඔබගේ බිරිඳත් කලා පවුලකින් පැවත එන්නේ. මේ යන ගමනට ඇයගේ ආභාෂය කෙලෙසද ලැබුණෙ?
එහෙම ආභාෂයක් නැහැ. මට හිතුනා වෙලාවක මම ගීත ගායනයට සම්බන්ධ වුණා.”
කලා ක්ෂේතරයේ කාවද අනුකරණය කරන්නේ?
මම කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මම අනුකරණ වාදියෙක් නෙමෙයි.
මේ වන විට පාර්ලිමේන්තුව තුළ විශාල කලාකරුවන් පිරිසක් ඉන්නවා. කලාවට සම්බන්ධ නැති මැති ඇමැතිවරුන් කලා කරුවන් සේ දේශපාලන වේදිකාවට ගොඩ වී ගීත ගායනයේ යෙදෙනවා ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
ඇත්තටම” මම හිතන් ඉන්නේ සම්පූර්ණයෙන්ම එයින් අයින් වෙන්න.
මිනිස්සු දේශපාලන රැුස්වීම්වලට එන්නේ අපේ හරවත් කතාවක් අහන්න මිසක් සිංදු අහන්න නෙමෙයිනෙ. නමුත් අපි බොහෝ දෙනෙක් රැුස්වීම් වල ගීත ගායනා කළ නිසා ජනතාව දැන් එන්නේ අපේ දේශපාලන කතා අහන්න නෙමෙයි සිංදු අහන්න. ඒ නිසා මම හිතන් ඉන්නේ මින් ඉදිරියට දේශපාලන වේදිකාවල ගීත ගායනයෙන් වැළකී ඉන්න.
ඔබ දේශපාලන වේදිකාවේ ජනපි‍්‍රරිය දේශපාලනඥයෙක්. විශේෂයෙන් දේශපාලන වේදිකාවේ කතා කරන ගමන් හිටිවන සිංදු” කීමේ ලොකු හැකියාවක් ඔබට තිබෙනවා. ඒවා කොහෙන්ද ඉගෙන ගත්තේ.
වාහනේ යන ගමන් මතක් කරගෙන යනවා. ඒවා තමයි වේදිකාවේදී ගායනා කරන්නේ.
අනාගතයේදී අපිට දයාසිරි ජයසේකර කියන දේශපාලනඥයා නැතිවෙලා දයාසිරි ජයසේකර කියන කලාකරුවා පමණක් ඉතිරි වේවිද?
එහෙම වෙන්නේ නැහැ. මම මගේ මුළු ජීවිතයම කැප කරලා තිබෙන්නේ දේශපාලනය වෙනුවෙන්. දේශපාලනය තමයි මගේ ජීවිතය.
ඔබේ සංසාරේ ආලේ සිනා” ගීතය වෙනස්ම ආරක ගීතයක්. ඒ වගේම එහි සංගීතයත් නැවුම්.
සංසාරේ ආලේ සිනා”ගීතය මම සජිත් පිරීස් සමග කතා කොට කළ නිර්මාණයක්’ මේ ගීතයේ ගී තනුව සහ විෂුවල් එක කළේ සජිත් පිරීස්මයි’ගීතය රචනා කරලා දුන්නේ ෂෙහාන් ගලහිටියාව’
දයාසිරි ජයසේකර කියන දේශපාලනඥයාට හොඳ කඩවසම් පෙනුමක් තිබෙනවා. ඔබගේ අලූත්ම ගීතයෙන්් ඔබ හොඳ ගායකයෙක් මෙන්ම රංගනයක්ද ඉදිරිපත් කරනවා. ඇයි සිනමාවට සම්බන්ධ නොවෙන්නේ?
චිත‍්‍රපට වල රගපෑමට එතරම් කැමැත්තක් නැහැ. ටෙලිනාටය කීපයකට නම් රංගනයෙන් දායකත්වය සැපයූවා. මට චිත‍්‍රපට 3කට ආරාධනා ලැබුණා. මම සුහදව එය ප‍්‍රතික්සේප කළා. මම කැමති නැහැ. හැම දෙයක්ම බදාගෙන කරන්න. මට යන්න දිගු ගමනක් තිබෙනවා දේශපාලන තුළ. අපේ දේශපාලන ලෝකයේ බොහෝ දේශපාලනඥයින් නළුවෝ වෙලා ඉන්නවා. මට ඒ තත්ත්වයට වැටෙන්න උවමනාවක් නැහැ. හැබැයි සම්භාවයා චිත‍්‍රපටයකට ආරාධනාවක් ආවොත් එම නිර්මාණය හොඳ නම් මගේ දායකත්වය ලබා දීමට මම පසුබට වෙන්නෙත් නැහැ.
ඔබගේ ඉදිරි කලා කටයුතු මොනවාද?
මගේ අලූත් ගීත කීපයක් එන්න තිබෙනවා.
ජනනාත් වරකාගොඩ සංගීතවත් කළ ගීත කිහිපයක් තිබෙනවා. මම ර්‍ණවර්ණ” කියන චිත්රමපටයේ පසුබිම් ගායනයට සම්බන්ධ වුණා. රවිහාන්ගේ ස්ටූඩියෝ එකේ තවත් පසුබිම් ගායනයක් කළා. ඒ වගේම ගිය සතියේ ජෝතිපාලගෙ මේ ගී කාටදැයි” කියන ගීතය රීමික්ස් එකක් කළා. මගේ රසිකයින්ට ඉදිරියේදී මා කළ නිර්මාණ කිහිපයක්ම අසන්න ලැබේවි.
ශිරෝනි ගේ‍්‍රරෝ
0 comments for "මින් ඉදිරියට මම දේශපාලන වේදිකාවල සිංදු කියන්නේ නැහැ - දයාසිරි ජයසේකර."
Leave a reply