ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නාග නළගනට නයාගේ අයිතිය


කොල්ලූපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේසේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පසුගිය 06 වැනිදා කළ නියෝගයට අනුව ඇය 11දා සත්වෝද්‍යානයෙන් එම නයා ලබාගෙන තිබෙනවා ඇය මෙම නයා නිදහස්කරගනු ලැබුවේ රුපියල්  පනස්දහසක බැදුම්කරයක් මතයි.නිරෝෂා විමලරත්න ඩිලානි වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැුකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන්නේ.

මේ නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදායි.පසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී තිබුනා.ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තා වේ දැක්වෙනවා.එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබුනා

Posted in: , ,

0 comments for "නාග නළගනට නයාගේ අයිතිය"

Leave a reply