ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පාර්ලිමේන්තු භෝජනාගාර නිරීක්ෂණය රෝසිට


පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ තත්ත්වය පරීක්ෂාකර ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝසි සේනානායක මහත්මිය ප‍‍්‍රමුඛ කාන්තා මන්තී‍‍්‍රන්ට කටයුතු කරන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තාවෙනවා.

කාන්තා මන්තී‍‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසුවා.


මෙකී තීරණය ගෙන ඇත්තේ මෑතකදී පැවැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ රැස්වීමකදීය. එසේම රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ මී පැණි සමග විශේෂිත වූ ධාන්‍ය වර්ග උදෑසන ආහාරය සඳහා ලබාදීමටද කථානායකවරයා එක`ග වූ බවද අමරතුංග මහතා පැවසුවා.

Posted in: ,

0 comments for "පාර්ලිමේන්තු භෝජනාගාර නිරීක්ෂණය රෝසිට"

Leave a reply