ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

එංගලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් 44,28,000 කට විදලා


එංගලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් 44,28,000 ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හලාවත පිහිටි කාර්යාලයේ පුහුණු උපදේශකවරියක් ලෙස සේවය කරන කාන්තාවකි. ඇය කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක බව හෙලිවි ඇත. හලාවත දුම්රිය පලආසන්නයේ පදිංචි පිය - පුතු දෙපලක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඇයව අත්අඩංගුවට ගෙන ඇත. තම පවුලේ ඥාතීන් සියළු දෙනා එංගලන්තයේ පදිංචිව සිටින බවත්,
ඒ අනුව එරට රැකියා ලබා දිය හැකි බවත් පවසමින් මෙම කාන්තාව වරින්වර තමන්ගෙන් මුදල් ලබා ගත් බව පැමිණිකරුවන් පොලීසියට පවසා ඇත. ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හලාවත දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ විමර්ශණ ඒකකයේ  නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Posted in:

0 comments for "එංගලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් 44,28,000 කට විදලා"

Leave a reply