ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගාල්ල මහ නගර සභාවේ පුරපති මෙත්සිරි ද සිල්වා නෙරපයි


ගාල්ල මහ නගර සභාවේ පුරපති මෙත්සිරි ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පුරපති ධුරයෙන් සහ එහි සභික ධුරයෙන් නෙරපා හැරිය බව, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. මෙත්සිරි ද සිල්වා මහතාට එරෙහිව දිගින් දිගටම එල්ල වූ පරිපාලන හා මූල්‍ය චෝදනා හේතුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව මෙම නෙරපා හැරීම කළ බව ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.
පුරපතිවරයා නෙරපා හැරීමේ නියෝගය 1793/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (23) රජයේ මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙත්සිරි ද සිල්වා මහතාට
දිගින් දිගටම එල්ල වූ පරිපාලන හා මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් කළ බවත්, ඔහුට එරෙහිව පැවැති චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කළ අතර, ඔහු ඊට පිළිතුරු දුන් බවත්, මහ ඇමැතිවරයා පැවැසීය.
ඉන් පසු විශ්‍රාමලත් දිස්ත්‍රික් විනිශ්චයකාරවරයකුගේ පූර්ණ පරීක්ෂණයකට ලක් කළ අතර, එහිදී ඔහු වැරදිකරු වීම නිසා තමාට පවතින බලතල අනුව ඔහු නෙරපා හැරිය බවත් ප්‍රධාන ඇමැතිවරයා පැවැසීය.

Posted in:

0 comments for "ගාල්ල මහ නගර සභාවේ පුරපති මෙත්සිරි ද සිල්වා නෙරපයි"

Leave a reply