ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හොර දොස්තරලා අල්ලන්න ලියාපදිංචි දොස්තරලාගේ අංක පොලිසියට

රට පුරා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව හා හෝමියෝපති සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අංක ලැයිස්තුව පොලිසියට භාරදීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.
මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාවේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අංක ලබා දීමට කටයුතු කරන බවත් අනෙක් සභා දෙකට අයත් වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අංක වහාම ලබා දෙන ලෙස එම සභාවලට
දැනුම් දෙන බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම මිරිහාන පොලිසියේ මධ්‍යස්ථානයක් පිහිටුවන බවත් ජංගම දුරකථන සමාගම් සමඟ සාකච්ඡුා කර ජංගම දුරකථන ඔස්සේ ව්‍යාජ වෛද්‍යවරුන් තහවුරු කර ගැනීමේ ක‍්‍රමයක් හැකි ඉක්මණින් කි‍්‍රයාත්මක කරන බවත් වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය.
එම ක‍්‍රම ඔස්සේ ව්‍යාජ වෛද්‍යවරුන් සෙවීමට තීරණය කර ඇත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය බැවින් යැයිද ඔහු පැවසීය.

Posted in:

0 comments for "හොර දොස්තරලා අල්ලන්න ලියාපදිංචි දොස්තරලාගේ අංක පොලිසියට"

Leave a reply