ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජනතාව වෙනුවෙන් සේවය කරන්නට තනතුරු අත්‍යවශ්‍ය නෑ - එජාපයෙන් නියෝජ්‍ය නායකයින් තිදෙනෙක්


ජනතාව වෙනුවෙන් සේවය කරන්නට තනතුරු සහ වරප‍්‍රසාද අත්‍යවශ්‍ය නොවන බවත් සුපුරුදු ජනහිතකාමී සමාජ සත්කාරක වැඩ පිළිවෙළ තවත් ඉදිරියට ගෙන යාම තම අරමුණ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
1994 වසරේ කි‍්‍රයාකාරී දේශපාලනය ඇරැඹූ දා පටන් ජනතාව සේවය කළේ ආණ්ඩු බලය හෝ බලතල නිල තනතුරු නොමැතිව බවත් සහන යාත‍්‍රා වැඩ සටහන යටතේ කුරුණෑගල නිකවැරටියේ ගංවතුරෙන් විපතට පත් ජනතාව සඳහා සහල් ලබා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ ද කීය.
‘මේ දිනවල මට හමුවන, දුරකතනයෙන් මා අමතන අපේ පාක්‍ෂික හිතවතුන් අහන්නේ බොහෝ විට එකම විදියේ ප‍්‍රශ්නයක්. ඒ තමයි, දැන් මොකක් ද කරන්න යන්නේ? කියලා. ඊට දිය හැක්කේ එකම එක පොදු පිළිතුරයි. එනම්, වෙන දා මෙන්ම මගේ සුපුරුදු ජනහිතකාමී සමාජ සත්කාරක
වැඩ පිළිවෙළ ඉදිරියටම රැගෙන යන බවයි. දිනෙන් දිනම මා හා එක් රොක් වන, මා ධෛර්යමත් කරන අනුග‍්‍රාහක හිතවතුන්ගෙන් ආධාර උපකාර තව දුරටත් ඒකරාශී කර ගනිම්න් මගේ ජනතා හිතවාදී වැඩ පිළිවෙළ තව තවත් ශක්තිමත් කර ඉදිරියටම ගෙන යන බවයි.’
නියෝජ්‍ය නායකයින් තිදෙනකු 


එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර බස්නාහිර, දකුණ හා කන්ද උඩරට ආවරණය වන පරිදි නියෝජ්‍ය නායකයින් තිදෙනකු පත් කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු පිරිසක් ඉල්ලීමක් කර තිබේ.මේ යෝජනා පිළිබඳව එජාප නායකත්වය තම වැඩි අවධානය යොමු කර ඇතැයි එජාප අඊ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය නායකයින් තිදෙනකු පත් කරන ලෙස එජාප නායක පසහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් යෝජනා කොට ඇති බවත් එම නායකයින් කන්ද උඩරට, බස්නාහිර හා දකුණ ආවරණය වන පරිදි පත් කළ යුතු බවටත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර ජාති, ආගම්, ජනවර්ග සඳහා සමාන නියෝජනයක් ලබා දෙමින් නියෝජ්‍ය නායක ධූර පහක් ඇතිකිරීම සම්බන්ධයෙන්ද එජාපය සලකා බලමින් සිටී.
මේ සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් හා ඞී.එම්. ස්වාමිනාදන් යන මන්තී‍්‍රවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි ද පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

Posted in: ,

0 comments for "ජනතාව වෙනුවෙන් සේවය කරන්නට තනතුරු අත්‍යවශ්‍ය නෑ - එජාපයෙන් නියෝජ්‍ය නායකයින් තිදෙනෙක්"

Leave a reply