නයි නල`ගන කපා කොටා මහමග දමා ගිහින්
පසුගිය කාලයේ ජනමාධ්‍ය තුළ පුවත් මවන්නියක බවට පත්ව සිටි කොල්ලූපිටිය සමාජ ශාලාවේ නයි නල`ගන හෙවත් නිරෝෂා විමලරත්න වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ මහමග තුවාල ලබා සිටියදී අද උදෑසන හමුව තිබෙනවා.
ලේ ගලමින් කෑගසමින් සිටි ඇයගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බවත් කිසියම් පිරිසක් ඇයට හිරිහැර කර මහමග දමාගොස් තිබෙන බවත් ප‍්‍රදේශවාසීන්ට පෙනී ගොස් තිබෙනවා.
වහාම ඇයව රෝහල් ගත කරන්නට කටයුතු කරන ලද අතර මේ වනවිට ඇය රෝහල්ගතව සිටී.
තම ආත්මීය නාගයා වෙනුවෙන් සටන් වදින බව කියා උසාවියටද ගිය ඇය අවසානයේ නඩුවෙන් ජයගෙන තම නාගයා අත්පත් කරගෙන සිටියාය. මේ අතරවාරයේ වාර්තා වී තිබුනේ ඇය මාධ්‍යයට ලබාදී තිබුණ තමන්ගේ පුද්ගලික තොරතුරු බොහොමයක් බොරු බවයි.
ඇය කාලයක් සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක
සේවය කර ඒවායින් නෙරපූ පසු කොල්ලූපිටියේ සමාජ ශාලාවට පැමිණි බවත් පසුගිය සිද්ධි වලින් පසු ඇයව එම සමාජ ශාලාවෙන්ද නෙරපා දැමූ බවත් වාර්තා වුණා. ඇයට තුවාල කර මහගම දමා ගිය සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු තවම අනාවරණය නොවේ.
මෙය මාධ්‍ය අවධානය දිනාගැනීමේ ඇයගේ තවත් රංගනයක්දැයි ඇතැමුන් සැක කරනවා.

0 comments for "නයි නල`ගන කපා කොටා මහමග දමා ගිහින්"
Leave a reply