බේරුවල “බුද්ධා බාර්” හෝටලයට බුදු බල සේනාවේ විරෝධය
පසුගිය 21 රාත්‍රි 11ට පමණ බුදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලා රාශියක් රහසිගත ගමනක යෙදුනහ. ඒ බේරුවල ප්‍රදේශයටය. බේරුවල පිහිට් එක්තරා හෝටලයකට මෙම භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.ඒ අවස්ථාවේ එම හෝටලයේ අඑතින් ආරම්භ කළ මත්පැන් හලක් වෙනුවෙන් සාදයක් පැවැත්වෙමින් තිබිණ. බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගත් බෞද්ධ ප්‍රජාවද එම ස්ථානයට කඩා වැදුනහ.
එවිට දකින්නට ලැබුණේ හෝටලයේ ආරම්භ කළ මෙම මත් පැන් ශාලාව “බුද්ධා බාර්” යන නම්න් ආරම්භ කර ඇති බවය. එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධය පලකර සිටියහ.
එම හෝටලයේ සේවකයන් සහ කළමනාකරිත්වය භික්ෂුන් වහන්සේලාට පවසා සිටියේ බුද්ධාගමට නිගරුවන කිසිවක් මෙම හෝටලටයේ සිදු නොවන බවකි.නමුත් ඒ වන
විටත් භික්ෂුන් වහන්සේලා අත “බුද්ධා බාර්” ආරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසට විදේශිකයන් වෙත යොමු කරන ලද ආරාධනා පත්‍ර සහ ආහාර වට්ටෝරු ඇතුලත්ව තිබිණි.
එහි පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු පවසා සිටියේ “බුද්ධා බාර්” රෙස්ටූරනය වෙත තමන් පැමිණි බවකි.
Posted in:
buddha bar,
sri e news,
srienews.com
0 comments for "බේරුවල “බුද්ධා බාර්” හෝටලයට බුදු බල සේනාවේ විරෝධය"
Leave a reply