ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පුනරුත්ථාපනය කිරීමේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මත් පෙති විකුණා අත්අඩංගුවට


හෙරොයින්වලට ඇබ්බැහි වූ මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන යමින් මත්ලෝලීන් මත් කරවන බටහිර ඖෂධ වර්ග තොග වශයෙන් අලෙවි කළ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සහ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ඖෂධ වර්ග (මත් පෙති) සහ ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා පෙති වර්ග රැසක්‌ ද අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිස්‌ අධිකාරි කාර්යාලයේ කොට්‌ඨාස දිස්‌ත්‍රික්‌ දූෂණ මර්දන ඒකකය 19 දා රාත්‍රි සමත් විය.
මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා බව කියන පුද්ගලයා 46 හැවිරිදි එක්‌දරු පියෙකි. මොහු වසර 5 කට අධික කාලයක සිට අක්‌කර 50 ප්‍රදේශයේ මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය
පවත්වාගෙන ගොස්‌ ඇත. මොහු ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ මතට පුරුදු වූවන් පුනරුත්ථාපනය කිරීමේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වන බවයි. එහෙත් මොහු අධික මිලට මත්ලෝලීන් මත්වීම සඳහා අවශ්‍ය බටහිර ඖෂධ කාලයක සිට විකුණා ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
පසුකාලීනව මෙම පුනරුත්ථාපන මධ්‍යස්‌ථානය ප්‍රදේශවාසීන්ට බලවත් හිසරදයක්‌ බවට පත්වී ඇති අතර මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය පිළිබඳව ප්‍රදේශවාසීන් මීගමුව පොලිස්‌ අධිකාරී කාර්යාලයට පැමිණිලි කොට ඇත. ඒ අනුව මෙම වැටලීම කර ඇත.
ඒ අනුව මත් පෙති මිලදී ගන්නා අයකු ලෙස පොලිස්‌ ඔත්තුකරුවකු අදාළ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. ඒ අනුව වෛද්‍යවරයා යෑයි කියන තැනැත්තා උපාය දූතයාගෙන් රුපියල් දාහත් දහස්‌ පන්සීයක්‌ ගෙන, නිර්වින්දන ඖෂධය ඇතුළු විවිධ මත්පෙති 500 ක්‌ අලෙවි කොට තිබේ.
වැටලීම සිදු කරන අවස්‌ථාව වන විටත් කොළඹ තොටළඟ ඇතුළු විවිධ ප්‍රදේශවලින් මත්පෙති මිලදී ගැනීම 50 ක්‌ පමණ මත්ලෝලීන් පිරිසක්‌ එම වෛද්‍ය මධ්‍යස්‌ථානය අසල රැඳී සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොහුගේ වෛද්‍ය සහතිකය සහ සුදුසුකම් පිළිබඳ ලේඛන ශ්‍රී ලංකා වෛද්‍ය මණ්‌ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Posted in: ,

0 comments for " පුනරුත්ථාපනය කිරීමේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මත් පෙති විකුණා අත්අඩංගුවට "

Leave a reply