ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

"ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා


"ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා" යෑයි මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයෙන් පැනවිත් කළුතර බස්‌ නැවතුම්පළේ සිටියදී පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 10 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්‌ කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා හමුවේ කියා සිටියේය.
පාසල් නිල ඇඳුම පිටින් සැරසී කළුතර බස්‌ නැවතුම්පළේ රැඳී සිටි මෙම දරුවා නගරාන්තර බස්‌ රථ රියෑදුරකු වන තුෂාර සංජීව ප්‍රනාන්දු මහතා ඇතුළු බස්‌ නැවතුම්පළේ සේවක පිරිසක්‌ විසින් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට 18 වැනිදා භාරදී තිබිණි.
නුවර ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ පියා මත්පැන් පානය කර නිවසට පැමිණ මවට හා දරුවාට පහරදීම නිසා නුවර පොලිසිය විසින්
අධිකරණය මාර්ගයෙන් මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවහනට භාරදී තිබිණි.
ළමා නිවහනේ රඳවා සිටි මෙම දරුවා පාසල් යැමට ප්‍රමාද වීම නිසා මෙසේ පියතුමා විසින් පාරවල් කීපයක්‌ ගැසීම නිසා ඉකුත් 18 වැනිදා කොළඹ යැමට මග්ගොනින් බසයට නැග ඇතැයි පොලිසිය පවසයි.
කළුතරින් බසයේ ගමන් වාරය අවසන් වීම නිසා නැවතත් කොළඹ යැමට බසයක්‌ එනතුරු රැඳී සිටි මෙම දරුවා බස්‌ රථ රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් විසින් මෙසේ පොලිසියට භාරදී තිබිණි.
පියතුමා ඉතාමත් සැර බවත් තමන් ඇතුළු ළමයින්ට පහරදෙන බවත් මෙම දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.

Posted in:

0 comments for ""ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා"

Leave a reply