ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මුලින් කළ ප‍්‍රකාශය බලපෑම් මත සිදු කළ නිසා තවත් ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍යයි


පළාත් පාලන ඡුන්දය පැවති 2011 ඔක්තෝබර් 08 දින කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්වීම ගැන තමා වැරදි ප‍්‍රකාශයක් අධිකරණයේදී කළ බව භාරතගේ රියැදුරු පවසා තිබෙනවා. අද අධිකරණයේදී  පැමිණිල්ලේ නීතීඥවරයා මහේස්ත‍්‍රාත්ට දැන්වූයේ දොන් ලියනගේ සමන් ශාන්ත පෙරේරා නම් සාක්කිකරු නීතිපතිට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් මුලින් කළ ප‍්‍රකාශය බලපෑම් මත සිදු කළ නිසා තවත් ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇති බවයි.
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් විසි දෙනාගෙන් නඩු පවරන අය කවුදැයි ලබන පස් වැනිදා දැනුම් දෙන බව රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතාට දැනුම් දුන්නේය.
දැනට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වසරකට ආසන්න
කාලයක් ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ද සැකකරුවෙකි.
තවත් සැකකරුවෝ 19 දෙනෙක් සිටිති. එයින් හත් දෙනෙක් ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
ඞී එන් ඒ ජාන තාක්ෂණ වාර්තා කිහිපයක් හැර පැමිණිල්ලේ සියලූ වාර්තා මේවන විට ලැබී ඇතැයි අද වාර්තා වුණ අතර දුමින්දට එරෙහිව නඩුපවරන්නට අවශ්‍යද නැද්ද යන තීන්දුව ගන්නට ඇත්තේ ඉදිරි දිනයේදීය.

Posted in:

0 comments for "මුලින් කළ ප‍්‍රකාශය බලපෑම් මත සිදු කළ නිසා තවත් ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍යයි"

Leave a reply