සුදු හූරවත් අපට බදු ගැහුවෙ නෑ… කැකුලියක් සහේට ගන්න 5000ක් ඇයි
වැදි සම්ප‍්‍රදාය අනුව අතීතයේදි කැකුලියක් සහේට ගැනිමේදි ලියාපදංචියක් නොකරන නමුත් වර්තමානයේ දරුවන් ට උප්පැන්නය ලබාදිම්දි ඇතිවිය හැකි ගැටථ හා දරුවන් පාසැල්වලට ඇතුලත් කිරිමේදි උප්පැන්නයේ ඇති වැදගත්කම සලකා විවාහ ලියාපදිංචියට ආදිවාසින් පෙලඹි ඇතැයි ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.විවාහවිමේදි ගෙවියයුතු නව ගාස්තුව වන රුපියල් පන්දහසක මුදල මුදල් ඇති අයට ප‍්‍රශ්නයක නොවුවද කැලෙන් හා වගාවෙන් ජිවත්වන ආදිවාසින්ට නම් එය දැරිමට හැකියාවක් නැතැයිද හෙතෙම සඳහන් කරයි.
‘‘ඉස්සර කාලමැච්චේ සුදු හූරාලාගේ ආණ්ඩු පොජ්ජ මේ රට පොජ්ජ තිබෙන කොට මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු
හැම බදු පොජ්ජකින්ම නිදහස් පොජ්ජ මන්දො කරල තිබුණා.
ඒ කාලමැච්චෙත් කැකුළන්ගෙන් බදු පොජ්ජ නෑනිලාගෙන් බදුපොජ්ජ කුක්කල ඇත්තන්ට බදු පොජ්ජ එල මංඥන්ට, ඒ වගේ බදුපොජ්ජ තිබලා තිබෙනවා.
ඒ හැම එකකකින්ම මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කර තිබුණා. ඒ වාගේ මොන එකක් හරි නීති පොජ්ජක් ඇන්න මංගැච්චුවොත්, ආදිවාසි මිනිගජ්ජු
නිදහස් පොජ්ජ මන්දො කරන ලිහිල් පොජ්ජක් මන්දො කරන්න කියන එකම තමයි මේ ඇත්තන්ට යෝජනා පොජ්ජක් හැටියට කථා දමන්න තිබෙන්නෙ”
සුදු පාලකයන් රට පාලනය කරන කාලේ පවා ඇගබද්ද පමණක් නොව නව බලු බද්ද ආදි විවිධ බදු පනවා තිබු නමුත් සියථ බදු වලින් එදා ආදිවාසින් නිදහස් කළ බව පෙන්වා දුන් ඔහු මෙම විවාහ බද්දෙන් ආදිවාසින් නිදහස් කිරිමට හෝ එයලිහිල් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
0 comments for "සුදු හූරවත් අපට බදු ගැහුවෙ නෑ… කැකුලියක් සහේට ගන්න 5000ක් ඇයි"
Leave a reply