ටී. එම් දිල්ශාන් නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ දිශාව වෙනස් වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ටී. එම් දිල්ශාන් ගේ පිටකෝට්ටේ රජමහා විහාර පාරේ පිහිටා ඇති නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවක් මගින් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වන බව පවසමින් දිල්ශාන්ගේ අසල්වැසියා වන රේණුකා මහත්මිය මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට තිබුණි.
රේණුකා මහත්මියගේ සැමියා ඉරාකයේ රැකියාවක් කරන අතර ඔවුන් දිල්ශාන්ගේ යාබද නිවාස මිලට ගෙන තිබුනේ ලක්ෂ 505 ක මුදලකටය. පසු කාලයේ රේණුකා මහත්මියගේ සැමියා මෙරටට පැමිණ මෝහතකදී දිල්ශාන් විසින් එම නිවස ලක්ෂ 400 ක මුදලකට මිලදී ගැනීමට කැමති බව රේණුකා මහත්මියගේ සැමියාට පවසා ඇත.
සැමියා එයට කැමති වුවත් රේණුකා මහත්මිය එයට අකමැති වීමේ නිසා
අසල්වැසියන් ගේ සිත් අමනාප වී ඇත.ඒ අනුව දිල්ශාන්ගේ නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවක් තම නිවසේ නාන තටාකය එල්ලවී ඇති බවත් එමගින් තමාගේත් පාසල් වයසේ පසුවන දියණියන් දෙදෙනාගේ පෞද්ගලිකත්වයට හානිවන බව පවසමින් එම කාන්තාව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට තිබුණි.
පසුව පොලිස් පරීක්ෂණ වලදී දිල්ශාන්ගේ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය සවිකළ සමාගම ගෙන්වා ඇති අතර ඔවුන්ගෙන් දැනට කැමරා පිහිටා ඇති අන්දම පිලිබඳ විශේෂ වාර්තාවක් ගෙන තහවුරු කරගෙන ඇත්තේ එය එල්ලවී ඇත්තේ දිල්ශාන්ගේ නිවසට පමණක් බවයි.
නමුත් දිල්ශාන්ගේ මෙම කැමරාව රේණුකා මහත්මියගේ නාන තටාකයට එල්ල කර ඇති ආකාරය රේණුකා මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කිරීමත් සමග කැමරාවේ දිශාව දිල්ශාන්ගේ නිවස වෙත පමණක් එල්ලවන ආකාරයට වෙනස් වී ඇති බවද වාර්තා වේ.
.jpg)
0 comments for "ටී. එම් දිල්ශාන් නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ දිශාව වෙනස් වේ"
Leave a reply