බන්දුල ගුණවර්ධනගේ සපිරි පාසල් විගඩමෙන් නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ සපිරි පාසල් දහස විගඩමෙන් සිදුවන්නේ 2016 වසර වනවිට මේ රටේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලික ව්‍යවසායකයන් අතට පත්වීම පමණක් බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කළේය.2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී පාසල් 333ක් සංවර්ධනය කිරීමට බව පවසමින් ද්විතීයීක පාසල්වල ප‍්‍රාථමික අංශය ඉවත් කරමින් යන බවද ඔහු පවසා සිටියේ ය.
මේ නිසා පාසලට කිලෝමීටරයක් දුරින් සිටින ප‍්‍රාථමික
අංශයේ දරුවන්ට පාසලක් සොයාගැනීමට කිලෝමීටර් තුන හතරක දුරක් ගෙවායෑමට සිදුව තිබෙන බවද කැඳවුම්කරු සඳහන් කළේය.
සපිරි පාසලක් නිර්මාණය කරන බවට මාධ්‍ය ඉදිරියේ අධ්‍යාපන ඇමැතිවරයා අණබෙර ගැසුවත්, ඒ සඳහා අවශ්‍ය කිසිදු මුදලක් මෙවර අය-වැය තුළින්වත් වෙන්කර නොමැති බවද සඳහන් කළේය. මීට අමතරව මෙමගින් සිදුවන්නේ පාසල් කිහිපයක දරුවන් එක් පාසලකට එකතුවීම මඟින් එම පාසල් දැඩි අර්බුදයකට ලක්වීම බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අර්බුදකාරී තත්ත්වය නිසා පළමු වසරේ සිට දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබෙන බවත්, මේ හේතුකොටගෙන බහුතර දරුවන් පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව යාම සිදුවන බවද ධම්මික අලහප්පෙරුම මහතා කියා සිටියේය. මීට අමතරව ආර්ථීක ශක්තියක් ඇති පවුල්වල දරුවන් පෞද්ගලික පාසල් වෙත යොමුවීම සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය. මේ කරුණු කාරණා මුල්කර ගනිමින් ආණ්ඩුව අවසානයට සිදුකරනු ලබන්නේ සමස්ත අධ්‍යාපනය තුරන් කිරීම බවද ධම්මික අලහප්පෙරුම මහතා පවසා සිටියේය.
Posted in:
bandula gunawardana,
sri e news
0 comments for "බන්දුල ගුණවර්ධනගේ සපිරි පාසල් විගඩමෙන් නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට"
Leave a reply