ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පහරදුන් සිසුන් අත්අඩංගුවට


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පහරදී තුවාල කර විශ්ව විද්‍යාලයේ දේපොලවලට හානි කිරීම් සම්බන්ධයෙන් ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිසුන් 03 දෙනෙකුව මොරටුව මූලස්ථාන පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් 21 වෙනිදා වන විට අත්අඩංගුවට ගෙන තිබිණි.
අනුරාධපුරයේ සහ කුරුණෑගල පදිංචිකරුවන් වන එම සිසුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.
සිසු ගැටුමට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මෙම සිසු කණ්ඩායම් දෙක අතර පවතින හිත් අමනාපකමක් බවත් එම ගැටුම කාලෙන් කාලෙට අලූත්වන බැවින් අධ්‍යාපන බලධාරීන් ඊට නිසි විසදුමක් දිය යුතුව ඇති බව විමර්ශනවලින් පෙනී යන බව ද
එම නිළධාරියා කීය.
මෙම ගැටුම තුන්වන පාර්ශවයකගේ මෙහෙය විමක් මත සිදුවූ බව මෙතෙක් කර ඇති විමර්ශණ වලින් තවමත් අනාවරණය වී නැති බවත් තවත් සිසුන් කිහිප දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා පැවැසීය. එම සිසුන්ද අනුරාධපුර සහ පොළොන්නරුව ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශවලට ගොස් සිටින බවත් එම නිලධාරියා වැඩැදුරටත් සදහන් කළේය.

Posted in: ,

0 comments for "මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පහරදුන් සිසුන් අත්අඩංගුවට "

Leave a reply