ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නීති සිසුවියගේ අත කපා ඇත්තේ වෙදාගේ නොසැලකිල්ලෙන් බව හෙළිවේ


වම් අතේ සිදුවු අස්ථි බිඳීමක් හේතුවෙන් නීති ශිෂ්‍යාවගේ අත කපා ඉවත් කිරීම, මාතර මහ රෝහලේ ඇයට ප්‍රතිකාර කළ ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා සිදුවූවක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සිය නිවසේ පඩිපෙළෙන් ඇද වැටීම හේතුවෙන් මෙම ශිෂ්‍යාවගේ වම් අතෙහි අස්ථි බිදීමක් සිදුවු අතර ඊට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය පසුගිය 17 වැනිදා මාතර මහ රෝහලට ඇතුළත් කරන ලදී.
එහිදී ඇයගේ අතට වෙළුමක් යොදා ඇති අතර එයින් තමාට වේදනාවක් ඇති වන බව ඇය රෝහල් කාර්යය මණ්ඩලයට පවසා තිබිණ.
එම අවස්ථාවේ පෙතිඩීන් නැමැති වේදනා නාශක එන්නත ලබාදී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතළ වු බැවින් වැඩිදුර ප්‍රතිකාර
සඳහා කරාපිටිය රෝහලට ගෙන ගිය ද එම රෝහල් බලධාරීන් ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස උපදෙස් ලබාදී තිබේ.
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නීති ශිෂ්‍යාවට ප්‍රතිකාර කළ හැකි එකම ක්‍රමය අත කපා ඉවත් කිරීම බැවින් එය සිදුකිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.
ඇය ලිවීම් කටයුතු සිදුකරන්නේ ද වම් අතින් බව සඳහන්ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට 27දා පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ජාතික රෝහලට ගියේය.
එහිදී එම සිසුවියට සිදුවු සියලු දේ අමාත්‍යවරයා විසින් විමසා ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

Posted in:

0 comments for "නීති සිසුවියගේ අත කපා ඇත්තේ වෙදාගේ නොසැලකිල්ලෙන් බව හෙළිවේ"

Leave a reply