ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මහවැලි ගගේ වැලි නිසා මන්ත‍්‍රීවරු මඩ නායි


24දා බදුල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තේනුක විධානගමගේ මන්ත‍්‍රීවරයා අතර මාතලේ දිස්ත‍්‍රික් නියෝජිත පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගැටුමක් ඇතිවිය.
ගැටුමට හේතු වූයේ මහවැලි ගඟන් ගොඩගන්නා වැලි ගිරාදුරුකෝට්ටේ, විල්ගමුව මාර්ගය ඔස්සේ රැගෙන යාම තහනම් කරීම සම්බන්ධයෙනි. මෙම තහනම් නියෝගය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
එම තහනම ඉවත් කරන ලෙස තේනුක විදානගමගේ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කිරීමත් සමග මෙම ගැටුම ඇති විය. එම අවස්ථාවේදී ලක්ෂමන් වසන්ත පෙරේරා මන්ත‍්‍රීවරයා තේනුක
විදානගමගේ මන්ත‍්‍රීවරයා ට ප්‍රකාශ කොට ඇත්තේ එය ජනාධිපතිවරයාගේ තීරණයක් මත සිදුවූ කටයුත්තක් බවයි.
එහෙත් තේනුක විධානගමගේ මහතා දැඩිව ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් නොගත් බවයි.
විල්ගමුව මාර්ගය ඔස්සේ දිනකට වැලි ලොරි 4000 ක් පමණ ධාවනය වන අතර එක් ලොරියකින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත‍්‍රීවරයා රුපියල් 1000.00 බැගින් ලබා ගන්නා බවත් ‘ තමුසෙ දවසට ලක්ෂ 4ක් විතර හොයන්නෙ මේ වැලි සල්ලි වලින්, තමුසෙ මහ අලි හොරෙක්. තමුසෙ සල්ලි හම්බ කරන්න කරන හොර වැඩ’ යයි විදානගමගේ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ යත් සමග උණුසුම් වචන හුවමාරුව දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය විය. එම අවස්ථාවේ එතැන සිටි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම මැදිහත් වී එම ගැටුම නිරාකරනය කල බව වාර්ථාවේ


ඊට පසු දින 25දා  රාත‍්‍රී මහනුවර බහිරව කන්දේ පිහිටි "අමායා" හෝටලයේ පැවැති සම්භාෂණයකට සහභාගී වී එන ගමනේදී බදුල්ල දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාට පහර දිමක් කර තිබේ

විදානගමගේ සම්භාෂනය අවසන් වී පැමිණෙද්දී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් තේනුක විධානගමගේ මහතා  ගමන් ගත් රථය නතර කර ඔහු එළියට ඇද පොල්ලකින් පහර දී තිබේ. පොල්ලකින් පහර දෙද්දී මන්ත‍්‍රීවරයා අත අල්ලා එය වැළැක්වීමට කරන ලද උත්සාහයේදී පොලු පහර නිසා දකුණු අත කැඞී ගොස් ඇත.
හය දෙනෙක් පමණ පිරිසක් ඩිෆෙන්ඩරයකින් පැමිණ තමාට බිම දමාගෙන පහරදුන් බවත් ඔළුවට පොල්ලකින් ගහද්දී අත ඇල්ලීමෙන් අත කැඩුනු බවත් විදානගමගේ මන්ත‍්‍රීවරයා රෝහල් පොලිසියට පළමුවෙන් දුන් කට උත්තරයක් දී ඇත
පහර කෑමට ලක්වූ තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර ඔහු මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

Posted in: ,

0 comments for "මහවැලි ගගේ වැලි නිසා මන්ත‍්‍රීවරු මඩ නායි"

Leave a reply