ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. - චතුරිකා පීරිස්


චතුරිකා පීරිස් පසුගිය සති කීපයේ මාධ්‍යයන්හි වඩාත් ම කතාබහට ලක්වුණු තැනැත්තියක බවට පත්වූවාය. ඒ චතුරිකාගේත් රොෂාන්ගේත් වෙන්වීම පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති නිසාය. ඇය ඒ පිළිබදව සති අග පුවත් පතකට පිළිතුරු දුන් අයුරු

රොෂාන්ගේත් ඔබේත් වෙන්වීම ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඒ සිදුවීම ගැන දැන් මොනවද ඔබට හිතෙන්නේ?

ඒ ප්‍රශ්නය ඇතිවුණු දවස්වල මාධ්‍යයට අදහස් දැක්වූවේ අපරාදේ කියල දැන් මට හිතෙනව. ඒ අවස්ථාවේ මා වටා හිටිය පිරිස මට වැඩිය කලබල වුණා. මම ඒ දවස්වල සිටියේ රූපගත කිරීමක. පත්තරයක් බලන්නවත් මට නිදහසක් තිබුණේ නෑ. ඉතින් මා වටා සිටි සමහර අය මෙහෙම කියන්න, මෙහෙම කරන්න කියල මට කිව්ව. ඒ විදියට ඒ ප්‍රශ්නය ගොඩක් දුරදිග ගියා. මට දැන් හිතෙනව ඒ වෙලාවෙ මාධ්‍යයට වචනයක්වත් ඒ ගැන නොකිය සිටිය නම් හොඳයි කියල. කවුරු මොනව කිව්වත් මොනව හිතුවත් මට තිබුනෙ
සත්‍ය එළිවෙනකල් නිහඬව ඉන්නයි කියල දැන් මට හිතෙනව.


ජීවිතය ගැන ඔබට මොනවද හිතෙන්නෙ?
ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ජීවිතය විඳින්නේ නැතිනම් ජීවත්වෙලා වැඩක් නෑ. ජීවිතේ තමුන්ට කොහේදි හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් එය නිවැරැදි කරගන්න පුළුවනි. නමුත් “මට මෙහෙම වැරැද්දක් වුණා. දැන් මම මෙහෙම කළොත් සමාජය මොනව කියයිද” කියල ඒ වැරැද්ද අස්සෙ ඉඳගෙන විඳව විඳවා ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වැඩිය හොඳයි සිය දිවි හානි කරගන්න එක. මම නම් හිතන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙදි අපි ජීවිතය විඳවන්නෙ නැතිව ජීවිතය විඳිය යුතුයි කියලයි; ජීවිතය විඳවන්න වෙන දෙයින් ඈත් විය යුතුයි කියලයි.
කලා ලෝකයේ දැන් වෙන්වීම් බහුලයි නේද?

කලා ලෝකයේ පමණක් නෙමෙයි හැම තැනකම එහෙම ඇති. බැංකුවලත් තියෙනව. වෙනත් ආයතනවලත් තියෙනව. පාර්ලිමේන්තුවේත් වෙන්වීම් තියෙනවනේ. නමුත් කලා ලෝකයේ දෙයක් සිදුවුණාමයි මිනිසුන් ඒ ගැන සොයන්නේ. ඒ හැටි. මම හිතන්නේ ජීවිතේ විඳවන්නේ නැතිව ඉන්න ටික කාලෙ හරි ජීවිතේ විඳල මැරිලා යනවා නම්, ලබන ආත්මේ හරි සතුටින් ඉන්න ලැබේවි කියලයි.

ඔබ පුවත් මවන්නියක්ද?
නැහැ මට පුවත් මවන්න වුවමනාවක් නෑ. මා ගැන ලොකුවටම කතාවුණු ප්‍රවෘත්ති තමයි පසුගිය කාලේ පළවුණේ. ඊට කලින් එහෙම දෙයක් වෙලා නෑ. කලා ලෝකයේ ඉන්න සමහරු ජනපි‍්‍රය වෙන්න ප්‍රවෘත්ති මැව්වාට මට එහෙම වුවමනාවක් නෑ.


Posted in: ,

0 comments for "ජීවිතය කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. - චතුරිකා පීරිස්"

Leave a reply