සිසුන් දෙදෙනා හුවමාරුකරගත් කාටුන් "සීඩී" එකක් "නිල්" චිත්‍රපටයක් වෙයි
හෙම්මාතගම ප්‍රදේශයේ එක්‌තරා විදුහලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර හුවමාරුකරගත් කාටුන් සංයුක්‌ත තැටියක් අසභ්‍ය නිල් චිත්‍රපටයක් බවට පත්වීමේ සිද්ධියක් හෙම්මාතගම පොලිසියට වාර්තා වී ඇත.මෙම සිසු යහළුවන් දෙදෙනා කලෙක සිට ළමා කාටුන් චිත්‍රපට හුවමාරු කරගෙන නිවෙස්‌වලට ගෙන ගොස් නැරඹීමට පුරුදුව සිට ඇති අතර මේ අනුව 24 දා දිනයේදී කාටුන් චිත්‍රපට හුවමාරු කරගෙන ඇත. ඉන් එක් අයෙකු යහළුවා ගෙනවිත් දුන් කාටුන් චිත්‍රපටය අඩංගු සංයුක්‌ත තැටිය සිය නිවෙසට ගෙන ගොස් ඩී. වී. ඩී.
යන්ත්‍රයට දමා ක්‍රියාත්මක කිරීමේදී එය නිල් චිත්‍රපටයක් බව වැඩිහිටියන් දැක ඇත.
ඒ අනුව එම නිවැසියන් ඒ බව හෙම්මාතගම පොලිසියට දැනුම් දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ හෙම්මාතගම පොලිස් ස්‌ථානාධිපති පො.ප. ධම්මික කන්දවත්ත මහතා අදාළ නිවසට ගොස් අසභ්‍ය දර්ශන සහිත සංයුක්‌ත තැටි ගණනාවක් සමඟ සිසුවාගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 25 දා මාවනැල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් ජී. සමරසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලදුව දින 14 රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබිණ.
Posted in:
cartoon,
sri e news,
srienews.com
0 comments for " සිසුන් දෙදෙනා හුවමාරුකරගත් කාටුන් "සීඩී" එකක් "නිල්" චිත්‍රපටයක් වෙයි"
Leave a reply