ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඉඟිනියාගල ඇතුළු ප්‍රදේශ හයකට භූ චලන හතරක්‌

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඉඟිනියාගල ඇතුළු ප්‍රදේශ හයකට වැඩි ප්‍රදේශයකට 25 දා පෙරවරුවේ භූ චලන හතරක්‌ සිදුව තිබේ. 25 දා පෙරවරු 9.34 ට සිදුවූ භූ චලනය රිච්ටර් මාපකයේ 2.7 ක්‌ ලෙස සටහන් වී ඇති අතර 10.38 ට සිදුවූ භූ චලනය රිච්ටර් මාපකයේ 3.2 ක්‌ ලෙස සටහන් වූ බව පල්ලෙකැලේ, හක්‌මන, මහකනදරාව ආදී භූ කම්පන නිරීක්‍ෂණ මධ්‍යස්‌ථාන පවසයි
පිළිබඳව සොයා බැලීමට  විශේෂ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශවලට කොළඹින් යොමු කිරීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දේවාලහිද, ගල්කන්ද අලුත්ඇළ, කිත්සිරිගම, වටිනාගල සහ ඉඟිනියාගල ආදී ප්‍රදේශ රැසක 25 දා උදැසන භූ චලන
හතර සිදුවී තිබේ.
පළමු භූචලනය පෙරවරු 9.33 ට සිදුවී ඇති අතර දෙවැනි භූ චලනය 10.38 ට සිදුවී තිබේ.
පළමු භූ චලනයෙන් පසු දෙතුන් වතාවක්‌ එම කම්පනය සිදුවූ බවද ප්‍රදේශවාසීහු පවසති.
දැනට සති කිහිපයක සිට භූ චලන සිදුවීම් නතරව තිබූ අතර නැවත 25 දා උදැසන භූ චලන ඇතිවීමත් සමග ප්‍රදේශවාසීන් යළි තැති ගැනීමට පටන් ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය දිගින් දිගටම පරීක්‍ෂණ පැවැත්වූ අතර මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් මෙම භූ චලන සිදුවන බවට අනුමාන කර තිබිණි. තවදුරටත් කළ පරීක්‍ෂණවලදී භූ චලන හිටි හැටියේ නතර විණි.
නමුත් ඊයේ 25 දා යළි භූ චලන සිදුවීමත් සමග පරීක්‍ෂණ කටයුතු විධිමත් කිරීමට භූ විද්‍යාඥයින් කටයුතු කර තිබිණි.

Posted in: ,

0 comments for "අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඉඟිනියාගල ඇතුළු ප්‍රදේශ හයකට භූ චලන හතරක්‌ "

Leave a reply