ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩපහණ රුපියල් කෝටියකට ලන්ඩනයේ වෙන්දේසියේ


මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ලංකාවේ අනුරාධපුර යුගයට අයත් වටිනා ශෛලමය සඳකඩපහණක් එංගලන්තයේ ලන්ඩන් නුවරදී ලබන අපේ‍්‍රල් මස වෙන්දේසි කරන්නට නියමිතව ඇතැයි එරට ඬේලි මේල් පුවත්පත මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා.
වසර එක්දහස් තුන්සියයක් පමණ පැරණි බවට මිනුම් කර ඇති මෙම සඳකඩපහණ ඉංග‍්‍රීසි යුගයේ ලංකාවේ සේවය කළ සුදු ජාතික වතු අධිකාරවරයෙකු විසින් 1950 දී පමණ ලංකාවෙන් එංගලන්තයට රැුගෙන ගිය එකක් බව සොයා ගෙන ඇත. ඔහු වාසය කළ සසෙක්ස් ප‍්‍රාන්තයේ නිවසේ පසුපස දොර අසළ අලංකාර ලෙස මෙය පිහිටුවා තිබී ඇත. මෙය ටොන් එකක් පමණ බර බවත් අ`ගල් 6 ක් පමණ ඝනකමකින් යුත් බවත් පැවසුණා.

වතුඅධිකාරවරයාගේ ඇවෑමෙන් නිවසේ අයිතිය හිමිවූ ඔහුගේ දියණිය මෙම සඳකඩපහණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දෙයක් ලෙස ලෙස තැකීමක් නොකර තිබුණ අතර පසුගිය දිනෙක ඇය එම නිවස හා ඉඩම විකිණීමෙන් පසු එය මිලට ගත් තරුණ යුවළක් එහි ඇති වටිනාකම හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් මෙම සඳකඩපහණ විකුණන්නට කල්පනා කර ඇත්තේ ඉන් පසුවය. එංගලන්තයේ සුප‍්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන බොන්හැම්ස් මෙම සඳකඩපහණ විකුණන්නට පෙර එය තක්සේරු කරන ලද අතර ඔවුන් පවසන්නේ ස්ටර්ලින් පවුම් 50000 කට (රුපියල් කෝටියකට පමණ* එය විකුණන්නට හැකියාව ඇති බවයි. මෙම වත්තේ පෙර හිමිකාරියගෙන් මේ ගැන විමසීමේදී ඇය කියා ඇත්තේ තමාගේ පියා 1950දී පමණ මෙම සඳකඩපහණ නිවසට රැුගෙන ආ නමුත් එය ලංකාවේ එකක් යයි දැන නොසිටි බවත්ය. අලංකාර ලෙස හැඩ වැඩ දැමූ සත්ව රූප බලමින් ඒවා පාගමින් තමන් සෙල්ලම් කළ හැටි මතක් වෙන බව කියන ඇය තම නිවසේ පසුපස කොන්ක‍්‍රීට් පාරක් අවසන් වෙන තැන එය පිහිටුවා තිබුණ බවත් හැඩවැඩ කරන ලද කිසියම් බොරළු ගලක් ලෙස ඒ ගැන කල්පණාවක් තිබුණ බවත්ය.
නිවස මිලට ගත් නව හිමිකරුවන් එය විකුණන්නට යන බව සැලවීමෙන් පසු ඇය කියා ඇත්තේ ‘අපරාදෙ මං  ඕක වටින එකක් බව දැනං හිටියේ නෑ.නැත්නම් මං ඉස්සර වෙනවා’ ලෙසිනි.
ලබන අපේ‍්‍රල් මස 23 වනදා ලන්ඩන් නුවරදී මෙම වටිනා අලංකාර සඳකඩපහණ තවත් සුද්දෙකුට වෙන්දේසි කරන්නට නියමිතය.

Posted in: , ,

0 comments for "අනුරාධපුර යුගයට අයත් අලංකාර සඳකඩපහණ රුපියල් කෝටියකට ලන්ඩනයේ වෙන්දේසියේ"

Leave a reply