ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සහෝදරියගේ දියණියට අතවර කර මසක ගැබිනියක් බවට පත් කළ මාමා කෙනෙක්

වයස අවුරුදු 16 ක් වන තම සහෝදරියගේ දියණියට අතවර කර ඇය සය මසක ගැබිනියක් බවට පත් කළ මාමා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්ත ශාලාවක කම්කරු නිවාසයක පදිංචිව සිටි දැරිවියකි.
මෙම දැරිවියගේ මෙවුපියන්  ඔවුන් පදිංචිව සිටි නිවස පිහිටි භූමියේ ඇති උළු කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට ඇත.
පසුගිය 2012 වසරේ මැද භාගයේ දිනක නිවසේ කිසිවෙකුත් නොමැති විටක එහි පැමිණ ඇති සැකකරු නිවස තුළදී
ඇයට අතවර කර ඇත.
නමුත් දැරිවිය මේ සම්බන්ධයෙන් කිසිවක් තම මව්පියන්ට පවසා නැත. මෑතකදී සිට දැරිවියගේ සිරුරේ කිසියම් වෙනස්කම් දැක ඇති ඇයගේ මව තම දියණියව වෛද්‍යවරයෙකුට පෙන්වා ඇත.ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරයා පවසා ඇත්තේ දැරිවිය මේ වන විට 06 මස් ගැබිණියක් බවය. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය කියයි. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Posted in:

0 comments for "සහෝදරියගේ දියණියට අතවර කර මසක ගැබිනියක් බවට පත් කළ මාමා කෙනෙක්"

Leave a reply