ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අරලගංවිල උල්කාෂ්මවල පිටසක්වළ ක්‍ෂුද්‍ර ජීවීන්මයි – නාසා සහතික කරයි


පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයට පතිත වූ ආකාශ වස්තුව අන් කිසිවක් නොව උල්කාෂ්මයන් බවත් එහි සිටින ක්‍ෂුද්‍ර ජීවීන් පිටසක්වලින් පැමිණියවුන් බවත් නාසා ආයතනයේ මහාචාර්ය රිචඞ් බී. හුවර් පැවසීය.
අරලගංවිල කුඩාවැව ප‍්‍රදේශයේ පිහිටි ටී.ටී. ටිකිරිබණ්ඩා ගොවි මහතාට අයත් එස්.සී. 86 කුඹුරු යායට පතිත වූ උල්කාෂ්ම නිරීක්ෂණය සඳහා මහාචාර්ය හුවර් සහ එංගලන්තයේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ ද ඊයේ සවස
පැමිණ සිටියහ.
මහාචාර්යවරුන් දෙදෙනාම තාරකා ජීව විද්‍යාව පිළිබඳ විද්වතුන්ය. ඔවුන් සමඟ ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ අන්වීක්ෂ තාක්ෂණ නිලධාරී කීර්ති වික‍්‍රමරත්න ඇතුළු පිරිසක් ද වූහ.

Posted in: , ,

0 comments for "අරලගංවිල උල්කාෂ්මවල පිටසක්වළ ක්‍ෂුද්‍ර ජීවීන්මයි – නාසා සහතික කරයි"

Leave a reply