ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චම්පික රණවකගේ අමාත්‍යාංශය වෙනස් කළේ ඉන්දියාවේ අවශ්‍යතාවයට


ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් සංශෝධනයේදී විදුලි බල අමාත්‍ය චම්පික රණවකගේ අමාත්‍යාංශය වෙනස් කළේ ඉන්දියාවේ අවශ්‍යතාවය මත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුනු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සාම්පූර් විදුලි බලාගාරය ඉදිකරන බවට ඉන්දියාවට සහතිකයක් ලබා දුන් බවත්, අමාත්‍ය රණවක සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ සැලසුමට විරෝධය පළ කරමින් සිටි බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
කැබිනට් සංශෝධනයේදී පාඨලී චම්පික රණවක තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත්තේය.

කලක් මුළුල්ලේ දිග ඇදෙමින් පැවති
සාම්පූර් බලාගාරය ඉදි කිරීමට අනුමැතිය පළ කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යොජනාවක් ඉදිරිපත් වූ විට එයට එරෙහිව ඡන්දය භාවිතා කිරීම පිණිස ඉන්දියාවට දුන් "අල්ලසක්" බවයි, අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.
එළැඹෙන පෙබරවාරියේදී ආරම්භ වන මානව හිමිකම් මණ්ඩලය සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු දූත මණ්ඩලය සඳුදා නිවේදනය කළේය.
"මේකට මෙච්චර කල් බාධා කළේ විදුලි බල ඇමතිතුමා චම්පික රණවක අපි ඒ නිසා ඇමතිවරයා අයින් කරලා මේ බලාගාරය ඔබට දෙනවා ඒ නිසා ජිනීවා රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහය දෙන්න කියල තමයි එතෙන්දි ඒ රාජ්‍යතාන්ත්‍රික කථා බහ ගිහිල්ල තියෙන්නේ," තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
පසුගිය වසරේ පැවැත්වුණු මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී විදේශ අමාත්‍යවරයා, මහින්ද සමරසිංහා අමාත්‍යවරයා සහ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු දූත පිරිස දුන් ප්‍රතිඥා කිසිවක් ඉටු නොකලා පමණක් නොව අවසානයේ අධිකරණයේ ස්වාධීනත්වය ද විනාශ කළ බව ද ඔහු කියා සිටියේය.
bbc

Posted in: , ,

0 comments for "චම්පික රණවකගේ අමාත්‍යාංශය වෙනස් කළේ ඉන්දියාවේ අවශ්‍යතාවයට"

Leave a reply