ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දිවයින" ඡායාරූප ශිල්පීයා දුටු අතිශය හැඟුම්බර මොහොතක්‌...



අතිශය හැඟුම්බර මොහොතක්‌... භද්‍ර යෞවනයේදී මේ දෙදෙනාටම අසරණ වන්නට සිදුවිය. ඒ ඔවුන්ගේ වරදින්ද.... නැත... අකාරුණික වූ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසාය. සමිතා සමන්මලී.... වෛද්‍ය සිසුවියකව සිටියදීම අකාරුණික මිනිසුන්ගේ වරදක්‌ නිසා ආබාධිත වූවාය. දෙපා ඇතත් ඇයට අද ඇවිදින්නට බැරිය. ඒත් සිහින බොඳ කර නොගත් ඕ අද වෛද්‍යවරියකි. අචලා ප්‍රියදර්ශනී... නීති සිසුවියකි.

අකාරුණික මිනිසුන්ගේ වරදින් ඇයට අද ඇගේ එක්‌ අතක්‌ අහිමි වී ඇත. ඒත් එය බාධාවක්‌ කර නොගන්නා ඈ හෙට දිනයේ නීතිඥවරියක වීමේ සිහිනය සැබෑ කරගන්නා බව නම් නිසැකය. සමිතා සමන්මලී එදා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියකි. අචලා ප්‍රියදර්ශනී අද කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවියකි. ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය සමිතා... ඒ රෝහලේම ප්‍රතිකාර ලබන අචලාගේ සුවදුක්‌ විමසීමට පැමිණි හැඟුම්බර අවස්‌ථාව "දිවයින" ඡායාරූප ශිල්පී නිශාන් එස්‌. ප්‍රියන්තගේ කැමරාවට හසුවූයේ මෙලෙසිනි

Posted in: ,

0 comments for "දිවයින" ඡායාරූප ශිල්පීයා දුටු අතිශය හැඟුම්බර මොහොතක්‌... "

Leave a reply