ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක්


ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතින ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක් බව මහජන එක්සත් පෙරමුණ අවධාරණය කරයි.
බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ද්‍රවිඩ සංවිධානවල ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන් ලෙස තමන් විසින් හංවඩු ගසා ගන්නා පුද්ගලයින්ගෙන් තමන් ප‍්‍රශ්න කරන්නේ භාෂා කිහිපයකින් ජාතික ගීය ගායනා කරන රට කුමක්ද? යන්න බව මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා පවසති.
රටක ජාතික ගීය එක් එක් පුද්ගලයාට
හිතෙන ආකාරයට වෙනස් කළ නොහැකි බවත් රටේ ව්‍යවස්ථාවට අනුව නීතිගත වූ ජාතික ගීය වෙනස් කරන්නේ නම් රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී එය ජනමත විචාරණයකින්ද අන්මත විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුාවට ලක් වූ බවද දිසානායක මහතා කීය.

Posted in: ,

0 comments for "ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක් "

Leave a reply