වෙඩිපහරට ගොදුරු වූ ශිෂ්‍යාවට තවත් ශල්‍යකර්මයක්
පාකිස්ථානයේ ගැහැණු ළමුන්ට පාසැල් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් තාලිබාන් කැරලිකරුවන්ගේ වෙඩිපහරට ගොදුරු වූ පාකිස්ථාන පාසැල් ශිෂ්‍යාවගේ හිස් කබල යලි සකස් කිරීමට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතයි.මෙම ශල්‍යකර්මය සිදු කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ රෝහලකදී.වෙඩි පහරින් හානියට පත් හිස් කබලේ කොටස ආවරණය කිරීම සඳහා ටයිටේනියම් වැස්මක්, ඉදිරි දින දහය
තුළදී සවි කෙරෙන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් දැනුම් දෙන ලදී.
මලාලා යුසුෆ්සායි නම් වූ මෙම ශිෂ්‍යාව පාකිස්ථාන ගැහැණු ළමුන්ගේ පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රියාකාරී වී සිටියාය.
තාලිබාන් නීතිය යටතේ ගැහැණු ළමුන් පාසල් යැවීම තහනම් කර තිබූ අතර 2013 ඔක්තෝම්බර් මාසයේදී ඉහතකී ශිෂ්‍යාව තාලිබාන් තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට ලක් වූවාය.
එම සිද්ධිය රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද හෙළා දකිනු ලැබිණ.
වෙඩි පහරට ලක්වූ මලාලා යුසුෆ්සායි ශිෂ්‍යාවට නොබෙල් සාම ත්‍යාගය ලබා දෙන මෙන් ඉදිරිපත් කළ පෙත්සමකට මේ වන විට ලොව පුරා දහස් ගණනක් අත්සන් තබා තිබේ.
දැන් දැන් අල්ලාටත් බැරිලු...
ReplyDelete